මැනිං වෙළෙද පොළේ විෂමාචාර ක්‍රියාවලට තිත තබයි

පෑලියගොඩ මැනීං වෙළද සංකීර්ණයේ පවතින ගැටළු කඩිනමින් විසදා පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය, වෙළද සංගමය, පොලිසීය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව එම ගැටළු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙස ද ඇමතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
පිටස්තර පාර්ශවයන් විසින් පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණය විවිධ විෂමාචාර ක්‍රියාවන්ට භාවිතා කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි පවසන ඇමතිවරයා එම විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය.
254 Views
Comments