හෙරොයින් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඊයේ (03) විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්මුණ වෙරළ මාර්ගයේ අල් ෆලා ක්‍රීඩාංගනය අසල සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 50ක් සොයාගත් අතර සැකකරු අවුරුදු 32ක කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක් බවට අණාවරනය වී ඇත.
මහපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලබාදෙන හෙරොයින් කල්මුණ, කාත්තන්කුඩි හා මඩකලපුව යන ප්‍රදේශවල ගැනුම්කරුවන්ට බෙදාහරින බවත් දීර්ඝ කාලයක් සිය මෙය සිදු කරන බවත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
218 Views
Comments