බදුල්ල මහ නගර සභාවේ පාලනය කොමසාරිස් වරයෙක් යටතට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

බදුල්ල මහ නගර සභාවේ පාලනය කොමසාරිස් වරයෙක් යටතට

බදුල්ල මහ නගර සභාවේ පාලනය   කොමසාරිස් වරයෙක් යටතට

බදුල්ල මහ නගර සභාවේ සියලු කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කරමින්, ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේ.

 

මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව බලය පිහිටුවා ඇති අතර ඔවුන්ට මන්ත්‍රී ආසන 12 ක් හිමිව තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත ආරියසිරි මහතා නගරාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

 

කෙසේවෙතත් වසර දෙකක කාලයකට පමණක් ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන් පසුව නගරාධිපතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදිය යුතු වනවා.

views

698 Views

Comments

arrow-up