කුඩා දරුවන්ට වැළඳෙන අක්මා රෝග
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

කුඩා දරුවන්ට වැළඳෙන අක්මා රෝග

කුඩා දරුවන්ට වැළඳෙන අක්මා රෝග

කුඩා ළමයින්ටත් අක්මා රෝග සෑදෙයි. මේ සඳහා විශේෂ ප්‍රතිකාර කරන්නේ රාගම රෝහලේ විශේෂ ඒකකයක් මගිනි.


අක්මා බද්ධ කිරීම් හා ඒ සම්බන්ධ විශේෂ ප්‍රතිකාර ඒකකය තිබෙන්නේ රාගම ශික්ෂණ රෝහලේ පමණි. මෙම ඒකකයට රිජ්වේ ළමා රෝහලෙන් හා රටපුරා රෝහල්වලින් රෝගී කුඩා දරුවෝ විශේෂ ප්‍රතිකාරවලට යොමු කරති.


පසුගිය වසර තුනට පෙර ළමා අක්මා රෝගීන්ට වඩා වර්තමානයේ අලුත් ළමා අක්මා රෝගීන් 350 ක් පමණ එකතු වී ඇත. එනිසා මවුවරු කුඩා දරුවන්ගේ අක්මා රෝග පිළිබඳ දැනුවත්වීම ඉතාම වැදගත්ය. එවිට රෝගය බරපතළ වීමට පෙර නිසි ප්‍රතිකාර සඳහා යොමු කර දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය.


විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට මෙම රෝගය වැළඳුන විට ඇති වන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. විශේෂයෙන් අලුත උපන් දරුවාගේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් ලෙසට ඇඟ කහවීම හඳුනා ගත හැකියි. ඒ ඉපදී පළමු මාසය තුළ දී ඇඟ කහ වීමෙනි. එතෙක් ඇඟ කහවන සෑම දරුවකුටම ඒ අක්මා රෝග ලක්ෂණයක් යැයි සිතිය නොහැකිය. උපන් මුල් කාලයේ බොහෝ දරුවන්ගේ සිරුර කහ පැහැ ගනී.


එහෙත් අක්මා රෝගී තත්ත්වයක් නිසා ඇඟ කහ වන්නේ නම් දරුවාට පහවෙන මළ පැහැය කිරිමැටි වැනි ස්වභාවයක් පෙන්වයි. එසේම මුත්‍ර තද දුඹුරු පැහැ ගනී.


ඇඟ කහ වීමේ දී ඇස් හා ඇඟ කොටස් විශේෂයෙන් කහ පාට වේ. ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවකු වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතුය.

views

235 Views

Comments

arrow-up