මේෂ ලග්න ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මේෂ ලග්න ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක්

මේෂ ලග්න ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක්

මේෂ ලග්නය

 


ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක් වෙනවා. ඒ වගේම බාධක දුරු කරගෙන ඉදිරියට යා හැකි බවක් පෙන්නුම් කරනවා. යාලු මිත්‍රයන්ගෙන් ඉතා හොඳින් සහයෝගය ලැඛෙනවා. ඔබට නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත් වන්නට හැකි නම් ඔබේ එන්නට තිඛෙන බාධක ජය ගන්නට ඔබට හැකි වේවි.

 


වෘෂභ ලග්නය

 


පසුගිය කාලයේ තිබුන බාධක ජය ගන්නට හැකි වේවි. තිබුන නීතිමය ගැටළු මගහරවා ගන්නට හැකි වේවි. දුර බැහැර මිත්‍රයෙකුගේ ආගමනයක් සිද්ධ වෙන්නටත් ඉඩ තිඛෙනවා. විදෙස් ගමන් සාර්ථක වේ. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් කිරි පිඬු පුජාවක් පවත්වන්න ඔබට තිඛෙන ගැටළු මගහරවා ගන්නට හැකි වේවි.

 

 

මිථුන ලග්නය

 

 

ඔබ කරන වැඩ කටයුතු පිලිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. ගෘහ ජීවිතයේ ද යම් යම් බාධක ඇති වෙන්නට ඉඩ තිඛෙනවා. ඒ වගේම ඔබ පිලිබඳ දුෂ්‍යමාන ආරංචි පැතිරෙන්නටත් ඉඩ තිඛෙනවා. ඔබට හැකි නම් විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබේ තිඛෙන ගැටළු මගහරවා ගන්නට හැකි වේවි.

 


කටක ලග්නය

 


ඔබ කරන බොහෝ දේ සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවි. අද දවසේ ඔබගේ ආර්ථිකය ශක්තිමත් වේවි. ඒ වගේම ධනය වර්ධනය වන දවසක්. ඔබේ කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට දස දිසා පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න.

 

 


සිංහ ලග්නය

 


ඔබට අද දවස රැකියාවේ දියුණුවක් ඇති වෙන දවසක්. ඒ වගේම රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටි අයට ඒවා සාර්ථක කර ගන්නට හැකි වේවි. ඔබට හැකි නම් සාමනේර හිමි නමකට පොත් පත් ටිකක් දැන් දෙන්න ඔබට සාර්ථක දවසක් උදා කර ගත හැක.

 

 


කන්‍යා ලග්නය

 


ඔබේ අද දවසේ වැඩ කටයුතු අවුල් වන නිසා වෙන් මානසික පීඩා ගෙන දෙන්න පුළුවන්. දුර බැහැර ගමන් යෙදෙන්නට පුළුවන්. වගේම විදෙස් ගමන් වලට සුබයි. රැකි රක්ෂා කටයුතු කටයුතු වලට ද බාධා ඇති වෙන්න පුලුවන්. ඔබට හැකි නම් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබට එන්නට තිඛෙන බාධක අවම කර ගන්නට හැකි වේවි.

 

 


තුලා ලග්නය

 


ඔබගේ දියුණුව සාර්ථකත්වය රජයන දවසක්. ආර්ථික අපහසුතා මර්ධනය කරගෙන ධනය වර්ධනය කර ගත හැකි දවසක්. ප්‍රභූන්ගේ උදව් උපකාර නොමදව ලැඛෙන දවසක්. ඒ වගේම කාලයක් තිස්සේ බලාගෙන සිටි කර්තව්‍යක් සාර්ථක කර ගන්නට හැකි වේවි. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත් වන්නට ඔබගේ කටයුතු තවත් සාර්ථක කර ගන්නට හැකි වේවි.

 

 


වෘශ්චික ලග්නය

 


අද දවසේ ඔබ කරන කටයුතු වලින් සපල ප්‍රතිපල ලබන්නට හැකි වෙන දවසක්. සෙම් ආශ්‍රිත රෝග පීඩා බහුල කරන දවසක්. ඔබ අද දවසේ කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් ඔබට ඔබේ කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට ඔබට හැකි වේවි. ඒ වගේම මුල්‍ය ආයතන වල සහය ද හොඳින් ලැඛෙන්නට ඉඩ තිඛෙනවා. ඔබට හැකි නම් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට ඔබට හැකි වේවි.

 

 


ධනු ලග්නය

 


ඔබගේ සාර්ථකත්වයට මන්පෙත් විවර වන දවසක්. ඒ වගේම රැකියා වල ප්‍රබෝධයක් ඇතිවෙන දවසක්. විදෙස් ගමන් බලාපොරොත්තු වුවා නම් ඒවා සාර්ථක වේවි. නව ව්‍යාපාර ආයෝජනයටද අද සුබ දවසක්. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් කිරි පිඬු දානයක් ලබා දෙන්න ඔබේ තිඛෙන්නා වූ ගැටළු මග හරවා ගන්නට හැකි වේවි.

 

 


මකර ලග්නය

 


ඔබ අද දවසේ යම්කිසි බරෑරුම් තීරණයක් ගන්නට සිටියා නම් ඒවා කල් දැමීම සුබ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඔබගේ ජීවිතයට වැදගත් වන්නාවූ තීන්දු තීරණ ගැනීමෙන්ද වැළකී සිටීම වැදගත්. ඔබ කරන වැඩ කටයුතු පිලිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වීමත් වඩාත් වැදගත්. අනතුරුදායක රැකියා වල නිරත අයත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම වාහන පදවන අයත් ප්‍රවේසම් වීම වැදගත්. ඔබට හැකි නම් විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත් වන්නට ඔබට ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

 

 

කුම්භ ලග්නය

 


ඔබ අද දවසේ ඉවසීමෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කරන දවසක් වෙනවා. කාලයක් තිස්සේ කරන්නට බලාපොරොත්තු වූ කටයුත්තක් සාර්ථකව කරන්නටත් හැකියාව ලැබේවි. ගෘහ ජීවිතයෙද පවැති යම් යම් ගැටළුකාරී තත්වයන් මග හරවා ගන්නට හැකි වේවි. කෙසේ වෙතත් කාර්යබහුලත්වය ඉහල යන දවසක් වේවි. ඔබට හැකි නම් මොර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න ඔබේ තිඛෙන ගැටළු නිරාකරණය කර ගන්නට ඔබට හැකියාව ලැබේවි.

 

 


මීන ලග්නය

 


ඔබගේ තිඛෙන රෝග පීඩා උත්සන්න වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම සතුරු පීඩාවන්ට ඉඩකඩ පවතින දවසක් නිසා වෙන්ම කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. දු දරුවන් වෙනුවෙන් ටරමක් කාලය වැය කරන්නට සිදුවන දවසක්. කාලය කළමනාකරණය කර ගැනීම මේ නිසා වැදගත් වෙනවා. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන්ට සුදු මල් වට්ටියක් පුජා කරන්නට ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

views

294 Views

Comments

arrow-up