ගැබ්ගෙල පිළිකා හැදෙන්නෙ ලිංගික සහකරුවො ගොඩක් හිටියමද?

කාන්තාවන්ට බහුලව වැලඳෙන පිළිකා ගණනාවක් තිබෙනවා. එම පිළිකා හටගන්න ආකාරයට වඩා තරමක් වෙනස් ක්‍රියාවලියක් හරහා වැලඳෙන රෝගයක් තමයි ගැබ්ගෙල පිළිකාව.
"මේක වැලඳෙන්නෙ ලිංගික සහකරුවො ගොඩාක් ඉන්න කාන්තාවන්ට විතරයි. එක සහකරුවෙක් ඉන්න අයට වැලඳෙන්නෙම නෑ" කියන කතාව අපේ මිනිස්සු බොහෝවිට කියනවා. ඇත්තටම ගැබ්ගෙල පිළිකාවක් වැලඳෙන්නෙ කොහොමද?
මේ රෝගය බෝ වෙන්නෙ ලිංගික ක්‍රියාකාරිත්වයකින් පමණයි. එහෙම නැතිව වෙනත් ක්‍රමයකින් මේක වැලඳෙන්නෙ නෑ. මෙතැනදි ලිංගික සහකරුවො කිහිපදෙනෙක් ඉන්න කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව වැලඳීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බව ඇත්ත. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ එක පිරිමියෙක්ව ඇසුරු කරන කාන්තාවන්ට කවරදාකවත් මේක වැලඳෙන්නෙ නෑ කියලා.
තමන්ට ජීවිත කාලයම එක සහකරුවෙක් සිටියත් ලිංගික සංසර්ගය මඟින් ගැබ්ගෙල පිළිකාවට හේතුවෙන HPV වයිරසය ඔබට ශරීර ගතවෙන්න පුළුවන්.
මද්‍යසාර පානය කරන, දුම්වැටි පානය කරන, වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කාන්තාවන්ට මෙය වැලඳීමේ වැඩි ඉඩක් තිබෙනවා. මොකද ඔවුන්ගෙ සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා සහ ඔවුන්ට ලිංගික ක්‍රියාවලීන්ට යොමුවීමේ වැඩි ඉඩකුත් තිබෙන නිසා.
ඒ නිසා මේකට ලිංගික සහකරුවො එක්කෙනාද කිහිපදෙනෙක්ද කියන එක පදනමක් නැති කතාවක්. එක ලිංගික සහකරුවෙක් සිටියත් සහකාරයො කිහිපදෙනෙක් සිටියත් HPV (හියුමන් පැපිලෝමා වයිරසය) ශරීරගත වෙන්න පුළුවන්.
574 Views
Comments