කටක ලග්න හිමි ඔබට හවුල් ව්‍යාපාර වලට ඉතාම සුබ දායක දවසක්

මේෂ ලග්නය
ඔබට අද තරමක් දුරට බාධක යෙදෙන දවසක්. වචනය ප්‍රවේසම් කර ගෙන කටයුතු කිරීම වැදගත්. ආර්ථික වාසි වගේම වෘත්තීයට තිබුන බාධකත් අවම වන දවසක්. ඒ වගේම රැකියා අවස්ථා උදාවෙන දවසක්. ඔබ ගෙයක් දොරක් හදන්නට ඉඩමක් ගන්නට බලාපොරොත්තු උනා නම් ඒවා සපල කර ගත හැකි දවසක්. දවස අරඹන්නට පෙර කද සුරිඳුන්ට පුජාවක් පවත්වන්න ඔබේ දවස සුබ වේවි.
වෘෂභ ලග්නය
ඔබේ අද ආදායම් පාර්ශවය සුබ වේවි. ඔබ හදිසියෙන් ගන්නා තීන්දු තීරණ නිසා අවාසි සිදු වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔබ අද දවස සැහැල්ලූවෙන් ගත කරාවි. රැකියා සොයමින් සිටි යට රැකියා ලබන්නටත් වෘත්තීමය ජයග්‍රහණ ලබන්නටත් ඔබට අද දවසේ හැකියාව පවතිනවා. තරග විභාග සම්මුඛ පරීක්ෂන ආදියෙන් ජයග්‍රහණ ලබන්නටත් ඔබට හැකි වේවි. විදෙස් ගමන් පිලිබඳ සිහිනයක් සැබෑ කර ගන්නට ද ඔබට අද දවසේ හැකියාව පවතිනවා. ඔබට හැකි නම් සමන් දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වා දවස පටන් ගන්න ඔබේ දවස සුබ වේවි.
මිථුන ලග්නය
ඔබට අද දවසේ අනතුරු වීමට ඉඩ ඇති නිසා ඒ පිලිබඳ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම ඔබේ දියුණුව සාර්ථකත්වයට තරමක් බාධා ඇති වෙන්න පුළුවන්. ඔබේ රැකියා වල ගැටළුකාරී තත්වයන් පවතියානම් ඒවා යම්තාක් දුරට අවම කර ගන්නටද ඔබට හැකියාව පවතීවි. විශේෂයෙන් අනතුරුදායක රැකියාවල නිරත් වන අයනම් ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතු වනවා. ඔබ දවස පටන් ගන්නට පෙර විෂ්ණු දෙවියන්ට පුජාවක් පවත්වන්න. ඔබේ දවස සුබ වේවි.
කටක ලග්නය
හවුල් ව්‍යාපාර වලට ඉතාම සුබ දායක දවසක්. හදිස්සියේ කරන වැඩ කටයුතු නිසා පාඩු සිද්ද වෙන්න පුළුවන්. කෙසේ වෙත්ත වෘත්තීමය ජයග්‍රහණ ලබන්නටත් ඔබට හැකියාව පවතිනවා. පෙර පින් මතුවන දවසක් ලෙසත් ඔබේ අද දවස හඳුන්වන්න පුළුවන්. අද දවස පටන් ගන්නට පෙර මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කර වරක් හෝ ශ්‍රවනය කර දවස අරඹන්න ඔබේ දවස සුබ වේවි.
සිංහ ලග්නය
අද දවස ඔබට රෝග පීඩා ඇති කරන දවසක්. ඒ වගේම සතුරු කුමන්ත්‍රණ දියත් වන දවසක් බවටත් පත් වේවි. මේ නිසා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්. අද දවස ඔබ ආයෝජන කිරීමෙන් වැළකිය යුතු දවසක් වෙනවා. මුදල් ගනුදෙනු වලදී ඉතා කල්පනාකාරී ලෙස කටයුතු කිරීම නම් ඉතා වැදගත්. කාල කලමනාකරනයේද අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඔබට හැකිනම් බෝධියකට කිරිපිඩු දානයක් පුජා කරන්න ඔබට දවස වඩාත් සුබ කර ගන්නට හැකි වේවි.
කන්‍යා ලග්නය
අද ඔබ කරන බොහෝ වැඩ කටයුතු සාර්ථක කර ගත හැකි දවසක්. ඒ වගේම තරග විභාග ආදියට මුහුණ දෙනවා නම් ඔබට ඉන් හොඳ ප්‍රතිපල ලබන්නට හැකි වේවි. උසස් අයගේ උදව් උපකාර ලැබෙන නිසාවෙන්ම ඔබ කරන කටයුතු සාර්ථක වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඉඩමක් ගන්නට ගෙයක් දොරැක හදන්නට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ දේවල් සපල කර ගත හැකි දවසක්. ඔබට හැකි නම් දවස අරඹන්නට පෙර කද සුරිඳුන්ට පුජාවක් පවත්වා දවස පටන් ගන්න ඔබේ අද දවස සුබ වේවි.
තුලා ලග්නය
දියුණුව සාර්ථකත්වය ඇතිවෙන දවසක්. විදෙස් ගමන් වලට ඉඩ සැලසේවි. ඔබ කරන බොහෝ කටයුතු වලින් සපල ප්‍රතිපල අත් කර ගන්නටත් හැකියාව පවතිනවා. දේපල පිලිබඳ යම්කිසි ගැටලූකාරී තත්වයන් මතුව තිබුනා නම් ඒවා මග හරවා ගත හැකි දවසක් වෙනවා. ඔබ අද දවස අරඹන්නට මත්තෙන් දස දිසා පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න. අද ඔබේ දවස සුබ වේවි.
වෘශ්චික ලග්නය
ඔබ අද ගෘහ ජීවිතය පිලිබඳ ඉතා සැලකිලිමත් විය යුතු දවසක් ලෙසින් තමයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අද දවසේ ඔබ වෙනදාට වඩා කල්පනාවෙන් වැඩ කලයුතු දවසක්. හදිසි තීරණ ගැනීමෙන් වැළකිය යුතු දවසක්. ඔබට හැකියාවක් පවතිනවානම් අද දවස අරඹන්නට පෙර මෝර පිරිත වරක් හෝ සජ්ජායන කරන්න ශ්‍රවනය කරන්න ඔබේ අද දවස සුබ වේවි.
ධනු ලග්නය
අද දවස ඔබේ වචනය බලවත් වේවි. කරනු ලබන බොහෝ කටයුතු වලින් සපල ප්‍රතිපල ලබන්නට පුළුවන්. රැකි රක්ෂා වලද වර්ධනයක් අපේක්ෂා කල හැකී. ඒ වගේම ආර්ථිකමය වාසි කිහිපයකුත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වෙළඳ ව්‍යාපාර වලින් ජය ගනීමේ හැකියාවද පවතිනවා. ඔබ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට ද හැකියාව ලැබේවි. ඔබට හැකි නම් දවස පටන් ගන්නට මත්තෙන් කරද වෘක්ෂයකට ජලය ස්වල්පයක් දමා දවස අරඹන්න ඔබේ අද දවස සුබ වේවි.
මකර ලග්නය
විශේෂයෙන් ඔබට අද දවස සුබදායක දවසක් හැටියට තමයි පෙන්නුම් කරන්නේ. ඔබ කරන බොහෝ දෙයින් සපල ප්‍රතිපල අත්කර ගන්නට ඉඩ තිබෙනවා. බුද්ධිය වෙහෙසවා කටයුතු කරන අයට ඉතාමත් සුබයි. ඒ වගේම අන් අයගේ උදව් උපකාර නොඅඩුව ලැබෙන දවසක් බවටත් පත්වෙනවා. පාලන කටයුතු සහ කලමනාකරන වෘත්තීන් වල නිරත අයට සුබයි. අද දවස අරඹන්නට පෙර ඔබට හැකි නම් පක්ෂීන්ට ධාන්‍ය ස්වල්පයක් ලබාදී දවස අරඹන්න ඔබේ දවස සුබ වේවි.
කුම්භ ලග්නය
අද ඔබට විය පැහැදම් අධික දවසක්. මේ නිසා ඔබ මිල මුදල් පරිහරණය පිළිබඳව සලකිලිමත් වෙන්න. ඒ වගේම කරන කටයුතු පිළිබඳවද කල්පනාවෙන් කටයුතු කරන්න. දේපල ආශ්‍රිතවද ගැටළු මතුවන්නට ඉඩ තිබෙනවා. විශේෂයන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් කාලය වය කරන්නටද සිදු වේවි. දුර බැහැර ගමන් බිමන් වලදී පරිස්සම් වෙන්න. අද දවස අරඹන්නට පෙර මෝර පිරිත වරක් හෝ ශ්‍රවනය කරන්න සජ්ජායනා කරන්න ඔබේ දවස් අසුබ වේවි.
මීන ලග්නය
ඔබට අද දවස වෙනදාට වඩා ශක්තිමත් දවසක්. ආදායම් පාර්ශ්වය සරුවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම අලූත් අලූත් ආදායම් මාර්ග පිළිබඳව සිත යොමුවන දවසක්. මුදල් ආයෝජනය කරන්නට නම් අද දවස ඉතාමත් සුබදායක දවසක් වෙනවා. ඔබට හැකි නම් අද දවස අරඹන්නට පෙර සුමන සමන් දෙවියන්ට පුජෝපහාරයක් පවත්වන්න ඔබේ අද දවස සුබ වේවි
330 Views
Comments