සුව දිවියකට වැදගත් වන ලිංගික ජීවිතය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

සුව දිවියකට වැදගත් වන ලිංගික ජීවිතය

සුව දිවියකට වැදගත් වන ලිංගික ජීවිතය

යම් පුද්ගලයෙක් ලිංගික ක්‍රියාවේ නිරත වෙද්දී ඔහුගේ හෝ ඇයගේ හදවත වැඩි වේගයෙන් ගැහෙන්නට පටන් ගැනෙනවා. මේ නිසා යම් කැලරි දහනය වීමක් සිදු වී, එය ශාරීරික සෞඛ්‍යට හිතකර ලෙස බලපෑ හැකි යි.



ලෝක වසංගත රෝග හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව වූ ජර්නලයේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ප්‍රශස්ත මට්ටමෙන් ලිංගික ක්‍රියාවලියක නිරතවීම හදවතට ඉතා හිතකර ලෙස බලපානවා.



එම පර්යේෂණයට අනුව සතියකට දෙවතාවක් හෝ ඊට වඩා ලිංගික ක්‍රියාවලියේ යෙදෙන පුරුෂයන් එසේ නොකරන පුරුෂයන්ට සාපේක්ෂ ව මාරාන්තික හෘදයාබාධවලට ලක් ව මිය යාමේ අවදානම සැලකිය යුතු තරම් අඩු වෙනවා.



ලිංගික ජීවිතයේ සක්‍රීය ව සිටීම මිනිසා කිහිප ලෙසකින් සන්තර්පණය කරනවා. මෙලෙස සක්‍රීය ව සිටීම නිසා මිනිසාට දැනෙන ශාරීරීක වේදනාවේ අඩුවීමක් සිදු වන බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.



ලිංගික හැඟීම් අවදි වීමේ දී මිනිස් මොළයෙහි ඇති හයිපොතැලමසය නම් ග්‍රන්ථිය උත්තේජනය වන අතර, ඉන් ඔක්සිටොසීන් හෝමෝනය ස්‍රාවය වෙනවා. මෙලෙස ස්‍රාවය වීම නිසා කාන්තාවන්ට දැනෙන ශාරීරීක වේදනවාවන් අවම වන බව නිව්ජර්සි හි රට්ගර්ස් විස්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.



නිතර නිතර ඔක්සිටොසීන් ස්‍රාවය වීම නිසා මාසික ඔසප්වීමේ ක්‍රියාවලියේදී කාන්තාවන්ට දැනෙන වේදනාවේ අඩුවක් සිදුවෙන බව ද එහිදී හඳුනා ගෙන තිබෙනවා.



කාන්තාවන්ට පමණක් නොව, ලිංගික ජීවිතයේ සක්‍රීය ව සිටීම පුරුෂයන්ට ද වාසිදායක වෙනවා. ලිංගික සතුට නිසා නිතර නිතර ඔක්සිටොසීන් ස්‍රාවය වන පුරුෂයන්ට දැනෙන ශාරීරික වේදනාව එසේ නොවන අයට වඩා අඩකින් පමණ අඩු බව හඳුනා ගෙන තිබෙනවා.



ලිංගික වශයෙන් සක්‍රීය ව සිටීම සමහර පිළිකා වර්ග වැලඳීමේ ප්‍රවණතාව අවම කිරීමට හේතු වෙනවා. විශේෂයෙන් ලිංගික ව සක්‍රීය ව සිටින වයස අවුරුදු 50 ට වඩා වැඩි පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ථිය හා සම්බන්ධ පිළිකා වැලඳීමේ ප්‍රවණතාව අඩු වෙනවා.



විශේෂයෙන්, වැඩි වියට එළඹි පසු යම් ප්‍රශස්ථ මට්ටමකින් ලිංගික ක්‍රියාවලියේ නිරතවීම හෝ ස්වයං වින්දනයේ යෙදීම, මහලු වියට එළැඹි පසු පුරස්ථි ග්‍රත්ථි පිළිකා වැලඳීම අවම වීමට හේතුවක් වෙන බව ලොව පුරා ආයතන කිහිපයකින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. BJU ඉන්ටර්නැෂනල් හා අමෙරිකානු වෛද්‍ය සංගමය පළ කරන සඟරාවල මේ පිළිබඳ ව පර්යේෂණාත්මක ලිපි පළ වී තිබෙනවා.

views

615 Views

Comments

arrow-up