මේ දිනවල දරුවන්ට වැඩිපුර දියර වර්ග ලබාදෙන්න.

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බව කියා සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම මෙවැනි උෂ්ණාධික කාල වලදී වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබාදිය යුතු බව අවධාරණය කළේය.
කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ ආදී දෑ පානය කිරීම විජලනය වළක්වාගැනීම සඳහා වැදගත් වන බවද, අධික රස්නය හේතුවෙන් හිසරදය, වමනය, නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ඇතිවීම මෙන්ම ආහාර රුචිය අඩුවීමද දරුවන් අතර දැකිය හැකි බව පැවසුවේය.
මෙවැනි කාල වල වතුර නොබී දරුවන් පාසල් යාමෙන්, සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඒ හැමදෙනාටම විජලන තත්ත්වයන් සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව සඳහන් කළේය. ඇතැම්විට වළිප්පුව වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකි බවද පැවසුවේය.
407 Views
Comments