මව්කිරි නොලැබුණොත් දරුවන් මියයන්න ඇති සම්භාවිතාව ඉහළයි.

මව්කිරි පමණක් ලබාගන්නා ළදරුවන්ට සාපේක්ෂව, මව්කිරි නොලබන දරුවන් ඔවුන්ගේ පළමු උපන්දිනයට පෙර මියයෑමේ සම්භාවිතාව 14 ගුණයකින් ඉහළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මව්වරුන්ට වැටුප් සහිත මාතෘ නිවාඩු ද, මව්කිරි දීම සඳහා අතරමැදි විවේකයන් ද, රැකියා ස්ථානයේ දී මව්කිරි දීමට හෝ දෙවීමට හැකි කාමරයක් ද ලබාදෙන්නැ යි එක්සත් ජාතීන් ඉල්ලා සිටියි.
මව්කිරි දෙන අතරෙ කෑමට නොසුදුසු ආහාර නොමැත. නමුත්, මව්කිරිවල නියමම සංයුතියට ආහාර වේලෙන් බලපෑමක් එල්ල වේ.
කාන්තාවක් මව්කිරි දීමෙන් වැළකිය යුතු එකම අවස්ථාව තමයි, ඈට HIV හෝ හෙපටයිටිස් තිබීම. ඒ වෛරස මව්කිරි හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.
බොහෝ අවස්ථාවන්වල දී, මව රෝගීවුණත් දිගින් දිගටම මව්කිරි දෙන එක ආරක්ෂිත යි. මොකද මවගේ සිරුරෙන් නිපදවන ප්‍රතිදේහවලින් ඔවුන්ගේ අලුත උපන් ළදරුවාත් ආරක්ෂා වෙනවා. දරුවෙකුගේ රෝගයක් මව්කිරි හරහා මවගෙන් ලැබුණු රෝගයක් වෙන්නේ ඉතාම කලාතුරකින් අවස්ථාවකයි.
576 Views
Comments