අද දවස ඔබට කොහොමද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

 


දුර බැහැර අධ්‍යාපන කටයුතු හෝ විදේශයන්ට ගොස් අධ්‍යාපනික කටයුතු කිරීමට බලාපොරෙත්තු වන අයට යහපත් ඵල ලැබේ. නිධන්ගත රෝග මතුවීමට ඉඩ ඇත. සාමූහික තීරණ වලින් අශුභ ඵල උදාවේ.

 

 


වෘෂභ ලග්නය

 


රැකිරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් මූල්‍ය පාඩු සිදුවිය හැකිය. ගේ දොර ආශ‍්‍රිත සමගියට සහජීවනයට බාධා ඇති වේ. ඉවසීම ප‍්‍රගුණ කල යුතුවේ. රාජ්‍ය අංශයට සම්භන්ධ කටයුතු වලට බාධා ඇතිවේ. ආහාර දිරවීමේ දුර්වලතා වලට ලක්වීමට ඉඩ ඇති බැවින් නිසි වෙලාවට ආහාර ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 


මිථුන ලග්නය

 


කැරන කියන කටයතු මෙන්ම අළුතින් ආරම්භ කිරීමට යන කටයුතු සියල්ල සාර්ථක කරගත හැකිවේ. තරඟ විභාගවලින් සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහල ජය ලැබේ. ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදියේ දියුණුවක් ඇති කරවන දිනයකි. උගුර ආශ‍්‍රිත ආසාදන තත්වයන් හටගත හැකි බැවින් පරෙස්සම් වන්න.

 

 


කටක ලග්නය

 


වියදම් බහුල කරවයි. දුරදිග නොබලා කරන ගණුදෙණු අලාභ ඇති කරවයි. මූල්‍ය ශක්තිය අඩාල වන දිනයක් වුවත් නිසි මූල්‍ය කළමනාකාරීත්වයෙන් මෙම තත්ව පාලනය කරගත හැකිය. ජලාශ‍්‍රිත විපත් ඇති විය හැකි නිසා ගංගා ඇළ දොළ ආශිතව ස්නානාය කිරීමේදී පරෙස්සම් වන්න.

 

 


සිංහ ලග්නය

 


බුද්ධිය මෙහෙයවා කටයුතු කල යුතු දිනයකි. අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය සහ අනුන්ව පමණට වඩා විශ්වාස කිරීම අශුභ ඵල ගෙන දේ. අතරමැදි ව්‍යාපාර වලට නීතියෙන් බාධා ඇතිවිය හැකිය. උෂ්ණාධික රෝග සහ ලේ විෂවීම ආදී රෝග වැල\ීමට ඉඩ ඇත.

 

 


කන්‍යා ලග්නය

 


ස්ථිර තීරණ නොමැතිකම නිසා අලාභ, පාඩු සිදුවේ. නව ආදායම් මාර්ග විවෘත වූවත් මානසික ඒකාග‍්‍රතාව නොමැති කමින් ඒවා මගහැරී යාමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්. සෙම්රෝග පීඩා, පපුවට හිසට අහිතකර තත්ව ඇතිවීමට ඉඩ ඇත.

 

 


තුලා ලග්නය

 


ප‍්‍රසිද්ධිය කීර්ති උදෙසා කරන කටයුතු සාර්ථක වේ. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි යොමුවීමෙන් සාර්ථක ඵල ලැබේ. දරුඵල බලාපොරෙත්තුවෙන් සිටි අයගේ අරමුණු ඉටුවේ. පෙර තිබූ නීති ගැටළු නිරාකරණය වන දිනයකි. වම් පාදය ආශ‍්‍රීතව ආබාධ ඇතිවිය හැකි බැවින් වාහන වල ගමන් යාමේදී කල්පනාකාරී වන්න.

 

 


වෘශ්චික ලග්නය

 


විදේශ රැකියා ගැන තිබූ බලාපොරොත්තු ඉටුවේ. ප‍්‍රභූවරුන්ගේ උදව් උපකාර ලැබේ. පැරණි හිතවත්කම් අළුත් වේ. යාන වාහන වල ගමන් බිමන් වලදී ආරාක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

 

 


ධනු ලග්නය

 


රැකි රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වල තිබූ ගැටළු නිරාකරණය කරගැනීමට අන් අයගේද සහාය ලැබී කටයුතු සියල්ල සාර්ථක වන්නාවූ දිනයකි. ප‍්‍රධානීන් අතර ඇතිව තිබූ නොහොඳ නෝක්කාඩු අවසන් වේ. රැකියා කටයුතු සතුටින් කරගෙන යාමට හැකි වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක බව නිසා සතුටට පත්වීමට අවස්ථා උදාවේ. වැටීම් තැලීම් වලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරී වන්න.

 

 


මකර ලග්නය

 


දැනට කරගෙන යන සහ ඉදිරියේදී කරන්න බලාපොරෙත්තු වන කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලක් දැක්විය යුතුවේ. සෞඛ්‍ය පීඩා මෙන්ම සතුරු උවදුරුද ඇති විය හැකිය. ප‍්‍රධානීන් සමග හොඳහිත පළුදු වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කල යුතු වේ. පවුල් ජීවිතයේ අනවශ්‍ය අර්බුධ ඇතිවීමට ඉඩ ඇත.

 

 


කුම්භ ලග්නය

 


පවුල් ජීවිතයේ මතගැටුම් ඇතිවිය හැකිය. සමගියට සහයෝගයට බාධා ඇතිකරවයි. ඉවසීමෙන්, උපේක්ෂාවෙන් කටයුතු කල යුතු වේ. දුර බැහැර ගමන් යෙදීමෙන් නිෂ්ඵල වියදම් දැරීමට සිදුවේ. නිසි මූල්‍ය කලමණාකාරීත්වයෙන් එම තත්ව මගහරවා ගත හැකිය.

 

 


මීන ලග්නය

 


සතුරු කරදර බාධා ඇතිවේ. තමන්ගෙන් උදව් උපකාර ලබාගත් අය පවා තමන්ට විරුද්ධ වන දිනයකි. අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය සහ අනුන් පමණට වඩා විශ්වාස කිරීම නොකල යුතුම දිනයකි. අනපේක්ෂිත කරදර ඇති වේ. උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව ආදිය වැලඳීමට ඉඩ ඇත

views

198 Views

Comments

arrow-up