“පට්ටම අවුල් මේකට. එපා කියද්දි ඇයි ඔයා මේක දැම්මේ ?? - ආශාවරි සංගීත කණ්ඩායම, රවීගේ ”හමාර බණවර” ගීතයට කලදේ

රවී රොයිස්ටර් ගැන පහුගිය කාලයේ නිතර කතාබහට ලක්වෙන්න ගත්තා.
ඊට එක හේතුවක් වුණේ, ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක්ක රවී රොයිස්ටර්ගේ පළමු දමිළ ගීතය එළිදැක්වීම.
පසුව පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය එක්කත් රවී ගැන කතාබහක් ඇති වුණා. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව රවීගේ ''හමාර බණවර'' ගීතය යළි ගායනා කිරීම නිසාවෙන්.
එහෙම කාගෙත් කතාබහට ලක්වුණු ඔහු ගැන ඔන්න ආයෙම කතා කරන්න පටන් අරන්. ඒකට හේතුවත් කාගෙත් හද සංවේදී කළ ඔහුගේ ''හමාර බණවර'' ගීතයම යි.
මේ ගීතය පියෙකු අවසන් ගමන යන මොහොතේ එක්කාසු කෙරෙන අධි සංවේදී හැඟීම් සමූදායක් මිස, වෙන යම් රිද්මයකින් රසවිඳිය හැකි කලා නිර්මාණයක් නොවන බව ඕනෑම කෙනෙක් දන්නා කාරණාවක්.
වචන, සංගීතය සහ රූප රාමු එකිනෙක නිසි ලෙස ගළපා ගන්නවා මිස ඒවා විකෘති නොකිරීමට තරම් ප්‍රවේසම් වීම සංගීතය මැනවින් දන්නා උදවියගේ ක්‍රියාකලාපයයි.
ඒ කාරණාව මනාව පෙන්නුම් කළ තැනකි, මේ.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කැමැත්තට පවා ගරු කරමින් ''හමාර බණවර'' ගීතය වෙනස් කිරීමට නිහතමානී වුණු රවී එක තැනකදී ගීතයේ රිද්මය වෙනස් කිරීමකට සිය අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා.
ඒ ''ආශාවරි'' නම් සංගීත කණ්ඩායම විසින් 'හමාර බණවර' වෙනස්ම මුහුණුවරකින් වේදිකාවට ගෙන ඒම නිසාවෙන්.
මේ වෙනකොට සමාජ මාධ්‍ය වේදිකාවන් වෙතින් ඉවත් කර ඇති අදාළ වීඩියෝවට අනුව එය ගැයෙන්නේ ''රෙගේ සංගීතයට'' අනුගතවයි.
මේ ඊට රවී දක්වා තිබූ ප්‍රතිචාරය...
''නාලක අයියේ පට්ට පරිස්සමට හදපු සින්දුවක්. පට්ටම අවුල් මේකට.
ඔයා මට හවස කෝල් කරපු වෙලාවේ මම ඔයාට කිව්වේ මේ සින්දුව මේ දරුවා කියනව ලස්සනයි,
හැබැයි මේ සින්දුවේ Arrengment එක සින්දුවට ඇත්තටම ගැලපෙන්නේ නෑ කියලා.
ඔයාට සින්දුව මෙහෙම දාන්න එපා කියද්දි ඇයි ඔයා මේක දැම්මේ ?? ''
රවී ඉහත කළ ප්‍රකාශයත් පසුව රසික සමූහයා විසින් එල්ල කළ විවේචනත් හමුවේ ආශාවරී කණ්ඩායම සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙතින් අදාළ වීඩියෝව ඉවත් කරගෙන මෙවන් සටහනක් ද තබා තිබුණා.....
"හමාර බණවර" ගීතය ආශාවරි අපි ඉදිරිපත් කිරීමේදි
එහි මුල් ගීතයට අසාධාරණයක් සිදු වූවා නම් සමාව ඉල්ලා සිටිමි.
ගීතය පේජ් එකෙන් ඉවත් කරමි. (නාලක ජයලත්)''
374 Views
Comments