තරුණියක්ගේ ජංගම දුරකථනය උදුරාගෙන දිවූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සංග්‍රහය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

තරුණියක්ගේ ජංගම දුරකථනය උදුරාගෙන දිවූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සංග්‍රහය

තරුණියක්ගේ ජංගම දුරකථනය උදුරාගෙන දිවූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සංග්‍රහය

තරුණියෙකුගේ අතෙහි තිබු රු 40000/= පමණ වටිනා ජංගම දුරකථනයක් උදුරාගෙන පලාගිය තරුණයෙකු අල්ලාගෙන පහරදි එම තරුණයාව නුවරඑලිය පොලිසියට භාර දිමට නුවරඑලිය ප්‍රදේශවාසින් කටයුතු කර ඇත.

 


නුවරඑලිය බස් නැවතුම්පොලට පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේ ජංගම දුරකථනයක් අතතිව පස්වරු 2 ට පමණ ගමන් කරමින් සිටි තරුණියක් පිටුපසින් පැමිණි සැකකාර තරුණයා ජංගම දුරකථනය උදුරාගෙන දිව යන අවස්තාවේ තරුණිය කෑගසන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලු‍ ප්‍රදේශවාසින් සැකකාර තරුණයා පසුපස හබාගෙන ගොස් සැකකාර තරුණයා අල්ලා පහර දි පොලිසිය වෙත භාර දි ඇත.

 


අත්තඅඩංගුවට ගත් සැකකරු නුවරඑලිය කලු‍කැලේ ප්‍රදේශයේ පදිංචි අවු 27 තරුණයෙකු බව නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

views

222 Views

Comments

arrow-up