ඇඹිලිපිටිය රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරියත් ආගිය අතක් නැල්ලු

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය අතුරුදන්වීමෙන් රෝහලේ හදිසි කටයුතු සියල්ලක්ම මේ වන විට අඩපන වී ඇත.
පසුගිය දින කිහිපයේම ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය සේවයට වාර්තා කර නැත. ඒ බව රෝහල් බලධාරීන්ට පවා දැනුම්දී නොමැත.
ඒ තත්වය මත වෙනත් අයෙකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙත එම වෛද්‍යවරිය නැවත සේවයට වාර්තා නොකරන බව දැනුම්දී ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
මේ තත්වය මත රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකර දැමීමට සිදුව ඇත. ඇඹිලිපිටිය රෝහලේ ස්ථිරවම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු පසුගිය වර්ෂයේ සිට ඇත. එයින් එක් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු 2022.10.01 දින විදේශගතව ඇති අතර අනෙක් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා 2023.04.10 දින විදේශගත වී මේ දක්වා පැමිණ නැත.
ඉන් අනතුරුව මේ දක්වා මෙම රෝහලේ සේවය කරන ලද නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය ද මේ ආකාරයෙන් මේවන විට සේවයට වාර්තා කර නොමැත.
311 Views
Comments