“අනේ මගේ දරුවා.... මාව අතහැරපං” - දරුවා විළාප තියද්දී තරුණ එක්දරු මවට නරුමයින් දෙදෙනෙකු කළ අපරාධය

නිවස බිඳ ගෙහිමි තරුණ එක් දරු මව දූෂණය කර රන් භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පැය 24 ක් ඉක්මයෑමටත් පෙර අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත්ව තිබෙනවා.
රුපියල් ලක්ෂ තුනක රන් භාණ්ඩ හා රුපියල් 7000ක මුදල් දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේ එම නිවසින් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
හඳුනාගෙන ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අරඹා තිබෙනවා.
අළුයම් කාලයේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් අවුරුදු 6ක් පමණ කුඩා දරුවා විළාප ගසා හඬද්දී කාමරකට දමා සිරකර මව සාලයට රැගෙන මරණ බවට තර්ජනය කර අතවර කර ඇත.
අපරාධ අංශයේ ස්ථානාධිපති මදුරංග මහතාට පෞද්ගලිකව ලැබු තොරතුරක් හා සීසීටීවි කැමරා දර්ශන උපයෝගී කරගෙන මෙම “හොර සමන්ත” යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2534 Views
Comments