හැරී පොටර් චිත්‍රපට මාලාවේ “ප්‍රොෆෙසර් මැක්ගොනගල්” 89 වැනි වියේදී දිවි සැරිය නිම කරයි

ලෝක ප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා වඩාත් කතාබහට ලක්වුණු මහාචාර්ය මැක්ගොනගල්ගේ (Professor Minerva McGonagall) චරිතයට පණ පෙවූ 'ඩේම් මැගී ස්මිත්' (Dame Maggie Smith) පසුගිය දා (සැප්තැම්බර් 27) අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හැරී පොටර් චිත්‍රපටයට අමතරව ඇය වඩාත් ප්‍රචලිත වූයේ 'ඩවුන්ටන් ඇබේ' චිත්‍රපටය තුළිනි.
ඇයගේ පළමු රංගනයන් 1950 දශකයේදී බ්‍රිතාන්‍යය වේදිකාවේ දිග හැරුණු අතර මීට වසරකට පෙර තිරගත වූ 'ද මිරකල් ක්ලබ්' චිත්‍රපටය ඇගේ අවසාන නිර්මාණය වූ බව සඳහන්.
1990 වර්ෂයේදී ඇයව ඩේම් කමාන්ඩර් ලෙස පත්කර ඇති අතර එතැන් පටන් ඇයව ඩේම් මැගී ස්මිත් ලෙස ප්‍රසිද්ධ වූ බවයි වාර්තා වන්නේ.
සිය සිනමා ජීවිතය තුළ ඔස්කා සම්මාන දෙකක් (1970 දී The Prime of Miss Jean Brodie සහ 1979 දී California Suite සඳහා) සහ බෆ්ටා සම්මාන අටක් දිනා ගැනීමට ඇය සමත්වී තිබීම ද විශේෂය.
'ඩේම් මැගී ස්මිත්' දශක අටක් පුරා දිවෙන ගෞරවනීය වෘත්තීය ජීවිතයක් සහිත බ්‍රිතාන්‍යයේ වඩාත්ම කීර්තිමත් නිළියන්ගෙන් කෙනෙක් ලෙසත් හුවා දැක්විය හැකිය.
206 Views
Comments