නීත්‍යානුකූල බිරිඳ රට, කාන්තාවන් අට දෙනෙක් සමඟ දීග කෑ අනංගයා, සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳවත් සහේට ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

නීත්‍යානුකූල බිරිඳ රට, කාන්තාවන් අට දෙනෙක් සමඟ දීග කෑ අනංගයා, සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳවත් සහේට ගනී

නීත්‍යානුකූල බිරිඳ රට, කාන්තාවන් අට දෙනෙක් සමඟ දීග කෑ අනංගයා, සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳවත් සහේට ගනී

කෝටිපති ව්‍යාපාරිකයකුගේ වාහන අලෙවිසලක සේවය කිරීම සඳහා රියැදුරකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් පළකර තිබෙනවා. 

 

එම දැන්වීමට අනුව තරුණයකු ඉල්ලු‍ම් කර ඇති අතර ඔහු අදාළ සේවය සඳහා තෝරාගෙන ඇති බව සදහන්.

 

දින කිහිපයක් යද්දී අදාළ ආයතනයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කළ විවාහක තිදරු මවක වන කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ සමග ඔහු අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.

 

ඔවුන්ගේ සම්බන්ධය එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියට හසුවී ඇති අතර අනියම් සම්බන්ධය හසුවීමෙන් පසු ,මොහු එම ආයතනයෙන් ඉවත් කර ඇති ඇති බවත් සඳහන්.

 

කෙසේ වෙතත් ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර දින කිහිපයකට පසු තම සැමියාට අයත් මොටර් රථය ද රැගෙන ගූගල් තාක්ෂණය ඔස්සේ මාර්ග සිතියමක් ​ උපයෝගි කරගෙන අනියම්පෙම්වතා සිටින ස්ථානයට තම පස් හැවිරිදි දියණිය ද රැගෙන අදාල කාන්තාව
පැමිණ තිබෙනවා.

 

අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනියම් පෙම්වතා මීට පෙර කාන්තාවන් අටදෙනකු සමග අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් නිවෙසට ගෙනැවිත් එම කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් එලවා දමා ඇති බවයි.

 

මෙම පුද්ගලයාගේ විවාහක බිරිය මේ වනවිට විදේශ රැකියාවක නිරත වන අතර ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින බව ද අනාවරණය වී තිබෙනවා.

 

දරුවන් තිදෙනකුගේ මවක් බව සිහියේ තබාගෙන මෙවන් අනංගයන්ට රැවැටී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස කොතෙක් ඉල්ලා සිටිය ද මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කොට විවාහක පුරුෂයා හා තම දරුවන් කදුළු සලද්දී ළඟදී විවාහ වූ මනාල ජොඩුවක් මෙන් ත්‍රිරෝද රථයක නැගී අනියම් සැමියා සමග පොලිසියෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

views

295 Views

Comments

arrow-up