“තාම මේ මගෙ පටන් ගැන්ම විතරයි, මොනදේ කළත් රංගනය අතහරින්න කැමැති නෑ” - සෙව්වන්දි නදීශානි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

“තාම මේ මගෙ පටන් ගැන්ම විතරයි, මොනදේ කළත් රංගනය අතහරින්න කැමැති නෑ” - සෙව්වන්දි නදීශානි

“තාම මේ මගෙ පටන් ගැන්ම විතරයි, මොනදේ කළත් රංගනය අතහරින්න කැමැති නෑ” - සෙව්වන්දි නදීශානි

සෙව්වන්දි නදීශානි කියන්නේ මේ වෙද්දී විකාශය වන නාට්‍ය බොහොමයක එකිනෙකට වෙනස් වූ චරිත රඟපාමින් රංගනය තුළ නියැළෙමින් රංගනය හදාරමින් ඉදිරියට යන්න උත්සාහ කරන යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය සෙව්වන්දි නදීශානි.

 

චරිතයක් භාර ගන්න කලින් මුලින්ම බලන්නෙ මොනවද?

 

මම තවම නවක රංගන ශිල්පිනියක්. මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට දුර ගමනක් යන්න තියෙන නිසා යම් යම් සීමා ගැන හිතලා තමා වැඩ භාරගන්නෙ. ඒත් එක්කම මම වැඩිපුරම කැමැති තිරයේ ලස්සනට පේන්න ඉන්න චරිතවලට වඩා ගුණාත්මක වෙනස් විදියේ චරිත කරන්න.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

 

අලුත් ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් කටයුතු කරගෙන යනවා මේ දවස්වල. ඒත් එක්කම මේ දිනවල රූගත කිරීම් කළ අධ්‍යක්ෂ ඉසුරු වීරසිංහ මහතාගේ ‘LOOP’ සහ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස මහතාගේ ‘අභිසාරි’ යන චිත්‍රපට දෙකටම මම රංගනයෙන් දායක වුණා.

 

රංගනය ගැන හදාරනවද ?

 

අනිවාර්යයෙන්ම ඔව්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලිනුත් රංගනය ගැන හැදෑරුවා. දැනටත් ඉදිරියටත් මම රංගනය ගැන හදාරනවා. රංගනය කියන්නේ අවුරුද්දකින් දෙකකින් හදාරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ගන්න අත්දැකීම්වලින් අපිට රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. මම රංගනය ගැන ඉගෙන ගන්න එක නතර කරන්නෙ නැහැ.

 

ආදරේ දකින්නෙ කොහොමද ?

 

සමහර දේවල් දුරින් තියෙද්දි තමා ලස්සනම. ප්‍රේමයත් එහෙමයි. ප්‍රේමය කියන්නේ හිමිකරගැනීමම පමණක් නෙවේ. අයිතිකරගැනීමකින් තොරව කෙනෙක්ට ප්‍රේම කරන්න පුළුවන්නම් ඒ ආදරේ හරි සුන්දරයි.

 

ආදරවන්තියක් ද ?

 

තවම ආදරවන්තියක්නම් නෙවෙයි. ඒත් ප්‍රේමණීය මිනිසුන් සියල්ලන්ටම මන් හරිම ආදරණීය චරිතයක් .

 

දිගටම රගපාන්න ද කැමැත්ත ?

 

ඔව්… තාම මේ මගෙ පටන් ගැන්ම විතරයි. ඒ වගේම ඉදිරියේදී මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් හිතාගෙන ඉන්නවා. මොනදේ කළත් රංගනයනම් අතහරින්න කැමැති නෑ.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

 

මම කැමැතියි දවසක ජනතාවගේ ආදරය දිනාගත්ත දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරයක හිමිකාරිනියක් වෙන්නත් ආසාවෙන් ඉන්නවා.

 

views

175 Views

Comments

arrow-up