වෙඩි තබා සිදුවූ ඝාතනයෙන් පසු පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට යාමෙන් සිදුවුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

වෙඩි තබා සිදුවූ ඝාතනයෙන් පසු පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට යාමෙන් සිදුවුදේ

වෙඩි තබා සිදුවූ ඝාතනයෙන් පසු පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට යාමෙන් සිදුවුදේ

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේ දී අලුත් අවුරුදු දා (14) පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සඳහා යොදවා ගන්නා ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තු කඳවුරට ඇතුළුවීම හේතුවෙන් එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළුන්ට නිකුත් කර තිබූ ටී. 56 ගිනි අවි 36 ක් ඊයේ (18) පොලිස්  භාරයට ගත් බව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

 

අහුන්ගල්ල  මිද්දරමුල්ල අමරමෝලි මාවතේ පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැත්තකු ඉකුත් 14 වැනිදා තම සොහොයුරියගේ කුඩා දරුවන් දෙදෙනෙකු ද නංවාගෙන යතුරු පැදියකින් යමින් සිටිය දී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව  පොලිසිය කියයි.

 

ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමග යතුරු පැදියේ සිට බිමට වැටී ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහමාරක කුඩා දරුවෝ දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ.



මේ අතර, ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබිය දී ඉකුත් 15 වැනිදා සවස පොලිසිය විසින් සොයාගනු ලැබීය.

 

පසුව නිල සුනඛයන් යොදවා පරීක්‍ෂණ කිරීමේ දී, නිල සුනඛයා හමුදා කඳවුර තුළට ඇතුළුවීම හේතුවෙන් එදින රාජකාරියේ සිටි සෙබළුන්ට නිකුත් කර තිබූ ටී. 56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් භාරයට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. 

 

අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

views

225 Views

Comments

arrow-up