“ඕනෑම දේකට මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා මගේ සුද්දෝ...”‍ - එකටම ඉමු කියා ලියා එකමට අවසන් ගමන් ගිය පෙම් යුවළ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

“ඕනෑම දේකට මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා මගේ සුද්දෝ...”‍ - එකටම ඉමු කියා ලියා එකමට අවසන් ගමන් ගිය පෙම් යුවළ

“ඕනෑම දේකට මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා මගේ සුද්දෝ...”‍ - එකටම ඉමු කියා ලියා එකමට අවසන් ගමන් ගිය පෙම් යුවළ

13 දින රාත්‍රී 7ට පමණ මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිස් හැවිරිදි වික්‍රමසිංහ ගම්ආචාරිගේ ඩිලාන් සමීර සහ විසි තුන් හැවිරිදි එදිරිසිංහලාගේ එමල්කි කවිශ්කා ඩයස් යන දෙදෙනා ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

 

මාතර සිට තිස්සමහාරාමය බලා ධාවනය වූ අංක SP NC 7121 දරන බස් රථයට ප්‍රති විරුද්ධ දිශාවට ගමන් ගත් SP BHU 8700 අංක දරණ යතුරුපැදිය ලිස්සා වැටී ඇත.

 

ඉන් අනතුරුව මෙම මියගිය යුවලගේ හිස මතින් බස් රථය පිටුපස රෝදය ගමන්කර ඇත. අනතුරෙන් පසුව බස් රථය ගන්දර පොලිස් ස්ථානය දක්වා නොනවත්වාම ධාවනය කර ඇත.

 

අත් අඩංගුවට ගත් බස්රථයේ රියදුරු හතලිස් හත් හැවිරිදි වීරවිල පදිංචිකරුවෙකි.

 

අනතුරට පත් වික්‍රමසිංහ ගම්ආචාරිගේ ඩිලාන් සමීර තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්ත පදිංචිකරුවෙකු වන අතර, එදිරිසිංහලාගේ එමල්කි කවිශ්කා ඩයස් තරුණිය මාතර පොල්හේන, කාසිවත්තපුර පදිංචිකාරියකි.

 

බස් රථය මාතර සිට තිස්සමහාරාමය දක්වා ධාවනය වී ඇති අතර මියගිය අය මැද්දවත්ත සිට මාතර දෙසට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

 

රියැදුරු සහ බස් රථය මේ වනවිට ගන්දර පොලිසියේ සිට මාතර පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇත.

 

මියගිය අයගේ මෘතදේහ මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇත. මෙම සිදුවීමෙන් යතුරු පැදියට දැඩි හානි සිදුව නොමැත. මාර්ගයේ ලිස්සා වැටීමෙන් පසුව බස් රථයේ පසුපස රෝදයට යටවී මෙම මරණ සිදුවී ඇති බවට සැක කරයි.

 

ඇය ඔහුට අවසානයට යැවූ ලිපියේ අවසානය ඇය මෙසේ සඳහන් කර ඇත. “ඕනෑම දේකට ඔයා මං එක්ක ඉන්නවා. මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා….මගේ සුද්දෝ…”‍

views

284 Views

Comments

arrow-up