“මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්”‍ - ටෙස්ට් පිටියට සමුදුන් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

“මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්”‍ - ටෙස්ට් පිටියට සමුදුන් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා තැබූ සටහන

“මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්”‍ - ටෙස්ට් පිටියට සමුදුන් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා තැබූ සටහන

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත.

 

ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

 

කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති බව සඳහන්.

 

රෝහිත් සිය ටෙස්ට් හිස්වැස්ම සහිත ඡායාරූපයක් ඔහුගේ Instagram ගිණුමේ පලකරමින් "සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්" දක්වමින් සිය සමුගැන්ම තහවුරු කර ඇත.

 

"වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ ආදරය සහ සහයෝගයට ස්තූතියි" යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.

 

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

 

එවර තරගාවලියේදී ඔහුගේ නායකත්වය යටතේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

 

එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

 

රෝහිත්ගේ නායකත්වය යටතේ ඉන්දියාව පසුගිය වසරේ දී සිය මව්බිමේදීම නවසීලන්තය හමුවේ තරග 3-0ක අවමන් සහගත පරාජයක් ලැබීමත්, ඔස්ට්‍රේලියාවේ පැවති බෝඩර්-ගවස්කාර් කුසලානය තරග 3-1ක් ලෙසත් පරාජයවීමත් හේතුවෙන් රෝහිත්ගේ නායකත්වය මෑත කාලයේදී දැඩි කථාබහකට ලක්විය.

views

112 Views

Comments

arrow-up