අනියම් ඇසුරක් ගැන මඩ ප්‍රචාරවලට එරෙහිව මාලිමා පා.මන්ත්‍රී කෞෂල්‍යා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.
සිය පැමිණිල්ලේ ඇය සඳහන් කර ඇත්තේ ව්‍යාජ පුවත්වලට පුද්ගලික පහරදීම් සහ තම කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් කරන ලද අසත්‍ය ප්‍රකාශ ඇතුළත් බවයි. මෙම ප්‍රවෘත්තිය පිටුපස සිටින අයට එරෙහිව විමර්ශනය කර පියවර ගන්නා ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
මඩ ප්‍රචාර වලින් සඳහන් කර ඇත්තේ ඇය තවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙකු සමග අනියම් ඇසුරක් පවත්වමින් ප්‍රාඩෝ රථයකින් රවුම් ගසන බවත් එම රථය අයත් කාන්තාව සැමියා හා මෙම මන්ත්‍රීවරියට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.
කෙසේ වෙතත් මෙය ගොතන ලද කතාව තමන්ට එරෙහිව අපහාස චේතනාවෙන් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.
කෞෂලා ආරියරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ එල්එල්බී නීතී උපාධිය ලබා පසුව මානව හිමිකම් නීතිය සම්බන්ධ එංගලන්තයේ දී ශාස්ත්‍රපති උපාධියක් හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ඇත.
ඇය දේශපාලනයට සම්බන්ධවීමට පෙර පර්යේෂිකාවක ලෙස ලන්ඩනයේ ගොල්ඩ්ස්මිත් සරසවියට අනුබද්ධව සේවය කළාය.
ඇය පොලිසියට යොමු කළ ලිපිය පහතින්
219 Views
Comments