කටකතා සියල්ලට තිත තබමින් බච්චන් පවුල එකම රූප රාමුවකට එයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

කටකතා සියල්ලට තිත තබමින් බච්චන් පවුල එකම රූප රාමුවකට එයි (PHOTOS)

කටකතා සියල්ලට තිත තබමින් බච්චන් පවුල එකම රූප රාමුවකට එයි (PHOTOS)

අභිෂේක්, ඓශ්වර්යා රායි සහ අමිතාබ් බච්චන් තුන්දෙනාම කාලෙකට පස්සෙ එකම රූප රාමුවකට ඇවිත්.

 

ඒ, කතාව විශේෂ වෙන්නෙ අභිෂේක් – ඓශ්වර්යා දෙන්නා ‘වෙන්ව ඇති බවට’ පැතිර යන කතාවත් එක්ක මේ ගැන අහන්න ලැබීම නිසාවෙන්.

 

පහුගිය කාලය පුරාවටම ඔවුන් දැකගත හැකි වුණේ වෙන් වෙන්ව. දෙන්නා වෙන්වෙලා කියලා තැන තැන කසුකුසුවක් ගියත්, ඊට නිල තහවුරු කිරීමක් තවමත් නෑ.

 

කොහොම නමුත් මේ අවස්ථාව හරි විශේෂයි.

 

 

අභිෂේක් – ඓශ්වර්යා දෙන්නත් එක්ක මේ විදියට සහභාගීව තිබුණෙ, දියණිය ආරාධ්‍යාගේ පාසලේ වාර්ෂික දින උත්සවයට.

 

ඒ, මුම්බායි හි ධීරුබායි අම්බානි පාසල වෙත.

 

දෙන්නා විතරක් නෙවෙයි, එතැනදී අමිතාබ්වත් දැකගන්න ලැබුණා.

 

විශේෂත්වය වෙන්නෙ මේ තුන්දෙනා සුපුරුදු විදියට ම සමීපව එකිනෙකා සමඟ කටයුතු කිරීම.

 

බච්චන් පවුල ම කාලෙකට පස්සෙ මේ විදියට ඇස ගැටීම, අභිෂේක් – ඓශ්වර්යා යුවළට ආශිර්වාද කරන රසික සමූහයාට නම් සෑහෙන සතුටට කාරණාවක් වෙලා කිව්වොත් හරි.

 

ඒ කොහොම වෙතත්, මේ සහයෝගය දියණිය වෙනුවෙන් විතරක් වෙන්න ඇති කියලා අනුමාන කරන පිරිසකුත් නැතුවාම නෙවෙයි.

 

views

2555 Views

Comments

arrow-up