නරුම මවක් තම බිළිඳිය පණපිටින් වළලයි - ආශ්චර්යයකින් බිළිඳියගේ ජීවිතය බේරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

නරුම මවක් තම බිළිඳිය පණපිටින් වළලයි - ආශ්චර්යයකින් බිළිඳියගේ ජීවිතය බේරෙයි

නරුම මවක් තම බිළිඳිය පණපිටින් වළලයි - ආශ්චර්යයකින් බිළිඳියගේ ජීවිතය බේරෙයි

දිනක් වයස ද කුඩා බිලිදියක් පණපිටින් වළදැමූ මවක් පිළිබඳව චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

මව විසින් මෙම බිලිදිය ප්‍රසූත කර නිවස පිටුපස වල දමා තිබෙනවා. මේ පිළිබඳව කරුණු දැනගත් ග්‍රාම නිලධාරිවරයා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

 

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් බිලිදිය ගොඩට ගෙන ඇති අතර ආශ්චර්යයකින් මෙන් කුඩා බිලිදිය ඒ වන විටත් ජීවතුන් අතර සිට තිබේ.

 

බිළිඳිය වහාම ප්‍රතිකාර සහ රෝහල් ගත කෙරුණා.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මව අත්අඩංගුවට ගැනුණා.

views

2282 Views

Comments

arrow-up