“මගේ මූණටම ඇවිත් ගහලා බැණලා ගියත් මම කවදාවත් ඒ අයට ගහන්න බණින්න යන්නෙ නැහැ” - රංගන ශිල්පිනි ගයාත්‍රි ඩයස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

“මගේ මූණටම ඇවිත් ගහලා බැණලා ගියත් මම කවදාවත් ඒ අයට ගහන්න බණින්න යන්නෙ නැහැ” - රංගන ශිල්පිනි ගයාත්‍රි ඩයස්

“මගේ මූණටම ඇවිත් ගහලා බැණලා ගියත් මම කවදාවත් ඒ අයට ගහන්න බණින්න යන්නෙ නැහැ” - රංගන ශිල්පිනි ගයාත්‍රි ඩයස්

'ගයාත්‍රි ඩයස්', ඒ නම ඇහුණත් ඇති ඇගේ රුව මැවෙන්න.

 

ඒ තරමට ඇයව රසික රසිකාවියන්ට හරි සමීප චරිතයක්.

 

නිර්මාණ මහ හුඟක් එක්ක නිතර නිතර පේන්න නොහිටියාට මොකද, ගයාත්‍රි ඩයස් කාලයක් තිස්සේ ගොඩනඟා ගත් ජනප්‍රියත්වය හොඳට ම ප්‍රමාණවත් ඇයව කාගෙත් හදවතේ ඉහළින්ම රැඳෙන්න.

 

ගයාත්‍රිගේ කලාවට අමතරව, ඇයගේ පෞද්ගලික ජීවිතෙත් බොහෝ තැන්වල කතාබහට ලක්වෙනවා. ඒත් එක්කම තරු චරිතවලට පොදු වුණු 'කටකතා' ඇයටත් එහෙමම තමයි.

 

ඒ ගැන පහුගිය දවසක ඇය මේ විදියට අදහස් දක්වලා තිබුණා.

 

''මුල් කාලේ නම් මම ඒවාට සැලුණා. දැන් නම් ඒවා ගැන හිතන්නෙම නැහැ.

මේ කාලේ කටකතා කියන්නෙ ඒ අයම හදා ගත්ත දේවල්නේ.

සෝෂල් මීඩියාවල විව්ස් වැඩි කර ගන්න එයාලට හිතෙන දේවල් හද හදා දානවා.

දැන් නම් මට හැදෙන කටකතා ගොසිප් මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ.

බොරු දේවල් හදලා ඒවායින් සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා තියෙන්නේ.

ඒ දේවල් එක්ක මාවත් කටකතා ගොසිප්වලට නිරන්තරයෙන් ලක් වෙලා තියෙනවා.

ඒකට හේතුව මොකක් ද කියලා අදටත් මට හිතාගන්න බෑ.

මොන දේ වුණත් දැන් නම් මම ඕවා ගණන් ගන්නෙම නැහැ.

මම ඕවා දකින්නෙත් කවුරු හරි මට ලින්ක් එකක් හරි එව්වොත් විතරයි.

ඒ නිසා ඒවා කරන අය ගැන මට කිසි තරහකුත් නැහැ.''

ඒ විදියට ම පැතිරුණු කතාවක් තමයි, ගයාත්‍රි රට අතෑරලා යන්න සූදානමක පසුවෙනවා කියන කතාව.

''මම රට අත්හැරලා යනවා කියලා තිබ්බෙත් යූටියුබ්වලනේ.

මම කොහේවත් කොතනකවත් අද වෙනකම් කියලා නැහැ රට අත්හැරලා යනවා කියලා.

මට එහෙම රට අත්හැරලා යනවා කියලා අදහසක්වත් නැහැ.

මට එහෙම ලංකාව අත්හැරලා ගිහින් වෙන රටක ජීවත් වෙන්නත් බැහැ.

මගේ දරුවෝ ඉන්නෙත් අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙලා.

මම මේ රටේ හදාගත්ත දේවල් තියෙනවා.

ඒ දේවල් දාලා ගිහින් මම කොහොමද වෙන රටක ජීවත් වෙන්නෙ.''

එළඹෙන වසරට ගයාත්‍රි ඩයස් කලාවට ඇවිත් අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා.

''මම අවුරුදු 16න් කලාවට ආවා. අවුරුදු 17 දී විවාහ වුණා. 2025ට කලාවට ඇවිත් අවුරුදු 30ක්.

මම කවදත් හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලපු කෙනෙක්.

කිසි තරහක් කා එක්කවත් නැහැ.

මගේ මූණටම ඇවිත් ගහලා බැණලා ගියත් මම කවදාවත් ඒ අයට ගහන්න බණින්න යන්නෙ නැහැ.

අපිට පොඩි කාලයක් මේ ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ.

ඒ කාලය තුළ ගුණ ධර්ම ප්‍රගුණ කරලා ජීවත් වෙන එක තමයි හොඳම දේ.''

 

 උපුටාගැනීම - රසඳුන

views

174 Views

Comments

arrow-up