“අපි යටට ගිහින් සීට් බෙල්ට් කපලා දෙදෙනෙක්ව එළියට ගත්තා” - රණවිරුවන් බේරාගන්න දිවි නොතකා පෙරට ආ සිවිල් වැසියෙකුගේ අත්දැකීම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

“අපි යටට ගිහින් සීට් බෙල්ට් කපලා දෙදෙනෙක්ව එළියට ගත්තා” - රණවිරුවන් බේරාගන්න දිවි නොතකා පෙරට ආ සිවිල් වැසියෙකුගේ අත්දැකීම

“අපි යටට ගිහින් සීට් බෙල්ට් කපලා දෙදෙනෙක්ව එළියට ගත්තා” -  රණවිරුවන් බේරාගන්න දිවි නොතකා පෙරට ආ සිවිල් වැසියෙකුගේ අත්දැකීම

“මාදුරුඔය ජලාශයේ අපි ඔරුවලින් යද්දී චොපර් එකක් එකපාරටම පහත් වෙලා ජලාශයේ වැදී යට ගියා. පස්සේ අපි වතුර යටට ගිහින් සීට් බෙල්ට් කපලා රණවිරුවන් දෙන්නෙක් එළියට ගත්තා” යැයි මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 12 හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස මුදාගැනීමේ නිරත වූ සිවිල් වැසියකු වන සජිත් ප්‍රියන්ත මහතා ඊයේ (09) පැවැසීය.

 

ජීවිත අවදානමක් තිබුණද ඒ ගැන නොසිතා අනතුරට ලක්ව සිටින රණවිරුවන් මුදාගැනීම සිය එකම අරමුණ වූ බවද ඔහු කීය.

 

තවදුරටත් කතා කළ සජිත් ප්‍රියන්ත මහතා මෙසේද කියා සිටියේය.

 

“අපි ඔරු 3කින් එද්දී අපි දැක්කා චොපර් එකක් මාදුරුඔය ජලාශයට පහත් වෙනවා. කැම්ප් එකත් ළඟමයි තියෙන්නේ. ජලාශය මැද හරියේදී ආයේ චොපර් එක උස්සන්න හැදුවා. ඒ උස්සද්දී අපි දැක්කා අපේ මුහුණ ඉස්සරහම චොපර් එක ජලාශයට පහත් වෙනවා. ඒ එක්කම චොපර් එක වතුරේ වැදුනා. ඒ එක්කම චොපර් එකේ කෑලි ගැලවෙනවා දැක්කා. ඒකේ උඩ කැරකෙන පෙත්ත ගැලවිලා විසිවෙලා යනවත් දැක්කා. ඊටපස්සේ චොපර් එක වතුර යටට ගියා. ඊටපස්සේ මම අපේ කොල්ලන්ට කිව්වා අපි ගිහින් ඒ අයව බේරගමු කියලා. ඊට පස්සේ එතන හිටිය ආමි එකේ මහත්මයෙක්ගෙන් ඇහුවා උදව්වක් ඕනේද කියලා. ඊටපස්සේ ඔහු ඉන්න පොඩ්ඩක් කිව්වා. ඊට පස්සේ අපි බලාගෙන හිටියා. චොපර් එක වැටුණු තැන එයාලටත් හොයාගන්න බැරුව හිටියේ. පස්සේ වතුරේ තෙල් මතුවෙද්දී අපි කිව්වා චොපර් එක ඒ හරියේ තියෙනවා වගේ කියලා. ඊටපස්සේ අපි ගිහිල්ලා බැලුවා. එතන බලද්දී චොපර් එක එතැන තිබුණා. අපි ඇහුවා කීදෙනෙක් නැද්ද කියලා එතැන මහත්මයෙක් කිව්වා තුන්දෙනෙක් ගොඩට අරගෙන ගියා කියලා. එතන සිටි අය ලොකු විස්තරයක් අපිට කිව්වේ නැහැ. පස්සේ අපි වතුරට බැස්සා. බැහැලා යටගිහින් බැලුවා. බලද්දී අපිට චොපර් එකේ දොර හොයාගන්න බැරිවුණා. ඊට පසසේ වටයක් කැරකිලා තමයි දොර හොයා ගත්තේ. දෙන්නෙක් ඒ ආමි එකේ මහත්වරු අරගෙන ආවා. අපි ගිහිල්ලා යටවුණු කට්ටිය ෂීට් බෙල්ට් දාගෙන හිටියා. ගන්න බැරිවයි හිටියේ. පස්සේ අපි ෂීට් බෙල්ට් එක කැපුවා. කපලා තමයි අපි ඉතිරි අයව එළියට ගත්තේ”

views

139 Views

Comments

arrow-up