“එයාට බුරියානි හදන්න බෑ” - බුරියානි හදන්න බෑ කියා බිරිඳට එරෙහිව දික්කසාද නඩු දැමූ සැමියා

තම බිරිඳට රසවත් ලෙස බුරියානි සැකසීමට නොහැකි නිසා ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියමින් ඩෙන්මාර්ක් ජාතික සැමියකු ඉකුත් 03 දා යාපනය අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ.
41 හැවිරිදි මෙම ඩෙන්මාර්ක් ජාතිකයා යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ අවුරුදු 27ක කාන්තාවක් සමග විවාහ වී ඇත්තේ මීට මාස හතරකට ඉහතදීය.
ඔහු බුරියානි කෑමට දැඩි රුචියක් දක්වන අතර බිරිඳට රසවත් ලෙස බුරියානි සැකසීමට නොහැකි නිසා නිවසේ නිතරම අඬදබර සිදුවන බව ඔහු විසින් අධිකරණයට ගොනුකළ පෙත්සමේ සඳහන් වෙයි.
තමන් අඬදබර කරගැනීමට දැඩි අකමැති පුද්ගලයෙකු නිසා පූර්ණ නඩු විභාගයක් පවත්වා තමන්ට ඇයගෙන් නීත්‍යනුකූලව වෙන් වීමට අවසර ලබාදෙන ලෙස ඩෙන්මාර්ක් ජාතිකයා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
නීතිඥවරයෙකු මාර්ගයෙන් නඩුව ගොනුකළ ඔහු මේ වනවිට සිය බිරිඳගේ නිවසින් නික්මගොස් වෙනත් පළාතක අවන්හලක ජීවත් වීමට පටන් ගෙන ඇත්තේ නඩු විභාගය ආරම්භ කෙරෙන තුරුය.
110 Views
Comments