අතේ සතේ නෑ කියා පොලිස් බසයේ ටයරය ගලවා විකුණූ කොස්තාපල් රියදුරා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

අතේ සතේ නෑ කියා පොලිස් බසයේ ටයරය ගලවා විකුණූ කොස්තාපල් රියදුරා

අතේ සතේ නෑ කියා පොලිස් බසයේ ටයරය ගලවා විකුණූ කොස්තාපල් රියදුරා

පොලිස් බස් රථයකට ගෙනා අලු‍ත් ටයරය විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කර ඇත.

 

ඒ අලු‍ත ගෙනා ටයරය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළුලොරි රථයක රියදුරෙකුට විකුණා බස් රථයේ පරණ ටයරය ගලවා නැවත පිරවූ ටයරයක් සවිකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

 

ලැබුණු තොරතුරක් මත කුරුණෑගල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් කල පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇත.

 

ඒ අනුව මූලික විමර්ශනයක් පවත්වා එම පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර ඇත.

views

195 Views

Comments

arrow-up