රන් ආලේප කර නිධානයකින් ගත් භාණ්ඩ බව පවසා ලක්‍ෂ 70කට වෙට්ටු දැමූ තරුණන්ට වූ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

රන් ආලේප කර නිධානයකින් ගත් භාණ්ඩ බව පවසා ලක්‍ෂ 70කට වෙට්ටු දැමූ තරුණන්ට වූ දේ මෙන්න

රන් ආලේප කර නිධානයකින් ගත් භාණ්ඩ බව පවසා ලක්‍ෂ 70කට වෙට්ටු දැමූ තරුණන්ට වූ දේ මෙන්න

නිධානයකින් ගොඩගත් බව කියමින් මුලතිව් ව්‍යාපාරිකයන් පිරිසකට රන් ආලේපිත භාණ්ඩ රැසක් විකිණීමට ගිය තරුණයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

නුවරඑළියේ පදිංචි වයස අවුරුදු 28 ක් හා 32 ක තරුණයන් දෙදෙනෙකු මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමග දුරකතනයෙන් ගොඩනඟා ගත් සම්බන්ධකමක් මත රුපියල් ලක්ෂ හැත්තෑවකට මෙම රන් ආලේපිත භාණ්ඩ අලෙවි කිරීමට කථිකා කර ගෙන තිබේ.

 

තරුණයන් දෙදෙනා අදාළ ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ මෙම භාණ්ඩ රජවරයෙකු විසින් භාවිත කරන ලද ඉපැරණි රන් භාණ්ඩ තොගයක් බවයි. භාණ්ඩ මුලතිව් ප්‍රදේශයට රැගෙන ඒමෙන් පසුව ඒවා ව්‍යාපාරිකයාට පෙන්වීම සදහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ඉල්ලා ඇති අතර ඉතිරි මුදල් භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

 

අදාළ දිනයේදී එම භාණ්ඩද රැගෙන මුලතිව් ප්‍රදේශයට පැමිණි මෙම තරුණයන් දෙදෙනා ඒවා ව්‍යාපාරිකයාට අලෙවි කිරීමට ගිය අවස්ථවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා හා ව්‍යාජ රන් භාණ්ඩ තොගය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මුලතිව් මුලංගාවිල් පොලිසිය වෙත භාර දී ඇති අතර සැකකරුවෝ මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

views

189 Views

Comments

arrow-up