බස් රථයේදී පෙම්වතිය කියා ආච්චිව බදාගෙන අලි ජංජාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

බස් රථයේදී පෙම්වතිය කියා ආච්චිව බදාගෙන අලි ජංජාලයක්

බස් රථයේදී පෙම්වතිය කියා ආච්චිව බදාගෙන අලි ජංජාලයක්

කුරුණෑගල බස් නැවතුමෙන් පිටත් වූ බස්රථයකි. අතුරු සිදුරු නැතිව සෙනග සිටි එහි තරුණ ජෝඩුවක්ද පෙම් සුව වින්දමින් සිටියේ පසුපස අසුනෙහිය. දෑත් පටලවාගෙන විහිළු තහලු කරමින් රසබස් පවසමින් යන මේ දෙදෙනා කෙරෙහි කාගේත් අවධානය යොමු වුවත් මේ කාලයේ මෙවැනි දර්ශන නිතරම දකින්නට ලැබෙන නිසා පුදුමයක් වූයේ නැත.

 

මේ අතර පෙරදින රාත්‍රියේ මළ ගෙදරක සිටි නිසා නිදිමත බව තරුණයා පෙම්වතියට පැවසූ අතර ඒබව කීප දෙනකුටද ඇසී දැනගත් අතර ඔහු තරුණියගේ සිරුරට හේත්තු වී නිදන්නට විය. අතරමග නැවතුමකදී බසයෙන් බැස යන බව ඇය පැවසුවාය. දැන් නැවතුම ද ඉතා ආසන්නය. තද නින්දෙහි සිටින තම පෙම්වතා හෙමින් සිරුවේ තම සිරුරෙන් මැත් කොට කඩිනමින් ඇය බැස ගියාය.



තද නින්ද නිසා ඔහුට කිසිවක තේරුමක් නොවීය. හිස් වූ තැනට පැමිණියේ අවුරුදු අසූවක පමණ කාන්තාවකි. වටපිට බලා අසුන්ගත් ඇය තරුණයා නිදන අයුරු ද දුටුවාය.  මදක් තෙත් හරිමින් කෙළ පෙරා ගත් ඔහු එක්වරම බදාගත්තේ වයසක කාන්තාවය. බියවී මරලතෝනි දෙන්නට වූ ඇය දෙස බස්රියේ සියලු දෙනාම බලන්නට විය.

 

බස්රිය නතර වූ අතර සිද්ධිය කුමක්දැයි සෙවීමේදී සිදුවු දේ අනාවරණය විය.
තමා නින්දෙහි සිටියදී පෙම්වතිය බැස ගිය අයුරු ඔහු නොදන්නා බවත් ඇය යැයි සිතා අඩ නින්දෙහිදී වයසක ආච්චි බදා ගත්තේ නොදන්නාකම නිසා බවත් ඔහු පැවසුවේ සියල්ලන් සිනහවට ලක් කරමිනි.

 

ගමනක් යන කොට මීට පස්සෙ හොද කල්පනාවෙන් යන්ඩ දැනගන්නව...නැත්නම් ඉතින් ගුටිත් කාල පොලිස් කුඩුවේ ලගින්නයි වෙන්නේ රියදුරු මහතා පැවසවේය. මේ සිදුවීමෙන් පසු තරුණයා ආච්චිගෙන් වැඳ සමාව ගත්තේ පාඩමක් ඉගෙන ගනිමිනි.

views

422 Views

Comments

arrow-up