නිවසේ සිට දරුවෙකු බිහිකර ප්ලාස්ටික් කූඩයක දමා ඇළ පාරක් ළඟට දාලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

නිවසේ සිට දරුවෙකු බිහිකර ප්ලාස්ටික් කූඩයක දමා ඇළ පාරක් ළඟට දාලා

නිවසේ සිට දරුවෙකු බිහිකර ප්ලාස්ටික් කූඩයක දමා ඇළ පාරක් ළඟට දාලා

මුල්ලේරියාව වීදියබණ්ඩාර මාවතේ නිවසක දී දරුවකු ප්‍රසූත කර බිලිඳු මළසිරුර ඇළ මාර්ගයක් අසලට  ගෙනැවිත් දැමූවැයි මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් කාන්තාව සහ ඇයගේ සැමියා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.

 

මෙම දරුවා සජීවී දරුඋපතක් ලෙසින් මෙලොවට බිහි වී ඇති බවත් පසුව ජලය සිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවටත් නැගෙනහිර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වාර්තාවක් මගින් දන්වා ඇතැයි ද වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

මෙම සැකකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වගන්තිය ප්‍රකාරව මිනී මැරීමේ චෝදනාව යටතේ වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 

සැකකාරිය මේ වනවිට මුල්ලේරියාව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර,  වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකාරිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර සටහන් යෙදූ බවත් සැකකරු අත්අඩංගුවට ඉදිරිපත් කළ බවත් මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොහොමඩ් ෆාතිමා (26) සහ ඩබ්ලිව්. චමෝද් දුලංග (24) යන අඹු සැමි යුවළය. මෙම සැකකාර යුවළ තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින දෙදෙනකු වන අතර, දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එම කාන්තාව විසින්ම  පෙකණිවැල කපා ඇති බවත්, පසුව ප්ලාස්ටික් කුණු කූඩයක දරුවා බහා නිවස  ආසන්නයේ මහ පාරේ ඇළක් අසලට ගෙනැවිත් දමා ගොස් ඇති බවත් මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මුල්ලේරියාව විදිය බණ්ඩාර මාවතේ

 

ඇළ මාර්ගය අසල කබරයන් විසින් කා දමමින් තිබූ මෙම බිලිඳු මළසිරුර දැක ඇති අසල්වාසීන් මුලින් සිතා ඇත්තේ බෝනික්කකු බවත් පසුව ලේ පැල්ලම් නිසා එය බිලිඳකුගේ බවට හඳුනාගෙන පොලීසියට දැනුම් දී ඇති බවත් බවත් මුල්ලේරියාව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.



බිලිඳු මළ සිරුරේ තිබූ ලේ පැල්ලම් සහ ඒ අවට තිබූ ලේ පැල්ලම් අනුව සැකකාරියගේ නිවසට යන විටත් ඇය එම නිවසේ කාමරයක නිරුවතින් අසාධ්‍ය තත්වයෙන් කෙඳිරිගාමින්  සිටි බවත් පසුව සැකකාරිය රෝහල්ගත කළ බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

බිරිය දරුවකු ප්‍රසූත කළ බව  ඇයගේ සැමියා  නොදන්නා බවට ඔහු ප්‍රකාශ කරන බවත්, කාන්තා යට ඇඳුම් සොරා ගැනීමේ සිද්ධීන්  කිහිපයකට අදාළව මෙම සැකකරුට චෝදනා එල්ලවී නඩු හතරක් ද අධිකරණයේ  විභාග වන බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

views

402 Views

Comments

arrow-up