“හැමෝගෙන්ම මම ඉල්ලනවා විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා, තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා” - ෆාතිමාගේ ඝාතකයාගේ පාපොච්චාරණය

කළුතර ටිහාරා ඝාතනයේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනිම තවත් ශෝචනීය සිදුවීමක් වාර්තා වුණේ ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයෙන්. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය දිනෙන් දිනම ඉහළ යෑම හමුවේ විකෘති මානසිකත්වයෙන් ඔද්දල් වුණු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වන්නේ අහිංසක තරුණ ජීවිතයි.
ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ජීවත් වූ 22 හැවිරිදි ෆාතිමා මුනිවර් නමැති තරුණිය පසුගිය 07 වැනිදා උදෑසන 7.15ට පමණ සිය රැකියා ස්ථානය බලා යෑමට නිවෙසින් පිටවුණා. අද තමාගේ ජීවිතයේ ඉරණම තීන්දු වේයැයි ඒ මොහොතේ ඇය කිසිසේත් නොසිතන්නට ඇති.
එලෙස පිටව ගිය ෆාතිමා ගැන කිසිදු තොරතුරක් දින 06ක් ගතවන තෙක් සොයාගැනීමට කිසිවකුටත් හැකියාවක් ලැබී තිබුණේ නැහැ’ ඇය අතුරුදන් වූ දිනම පොලිසියට පැමිණිලි කළද ඇය පිළිබඳ ආරංචියක් සොයාගන්නට පොලිසියද දැඩි වෙහෙසක් ගනු ලැබුවා. වැලිගල්ල ගම්වාසීන්ද ලඳු කැලෑ පීරමින් අතුරුදන් තරුණිය සෙවූවද, ඈ ගැන කිසිදු හෝඩුවාවක් ඔවුන්ටද ලැබී තිබුණේ නැහැ.
වැඩිමහල් සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම ගැහැනු දරුවා වූයේ ෆාතිමාය. ඇගේ මව අසනීප තත්ත්වයෙන් පසුවූ අතර, නිවෙසේ ආර්ථික අපහසුතා පැවැතීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස ගෙලිඔය ප්‍රදේශයේ ෆාමසියක රැකියාවක නිරත වීමටයි ෆාතිමා කටයුතු කර තිබුණේ. ඇය සේවා ස්ථානයට නොපැමිණි බව දන්වමින් එදින පෙරවරු 11ට පමණ ඇගේ මවට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණා. ඒ අනුව ෆාතිමාගේ මව ෆාතිමාට දුරකතන ඇමතුමක් ලබාගන්නට උත්සාහ ගත්තද ඇගේ දුරකතනය ඒ වන විටත් අක්‍රීයව පැවැතුණා.
ඇයගේ නිවෙසේ සිට මීටර් 100ක පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සී.සී.ටී.. කැමරාවක සටහන්ව තිබුණේ ෆාතිමා පාගමනින් ගමන් කරන ආකාරයයි.
ඇය පසුපසින් සැකකටයුතු ලෙස ගමන් කරන තරුණයකුගේ රුවද එම කැමරා දර්ශනවල සටහන්ව තිබුණා. ඒ අනුව එම පුද්ගලයා පිළිබඳ පොලිසියේ උකුස ඇස යොමුව තිබූ අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත්, ඔහු එළුවන් බලාගැනීම රැකියාව ලෙස කරන අහමඩ් නමැති එක්දරු පියකු බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබුණා.
මේ අතර ගම්පොළ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ජයන්ත මහතාට විදේශ රටකින් නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ අතුරුදන් වූ ෆාතිමා අහමඩ් නමැත්තකු සමග ගම්පොළ ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටින බව සඳහන් කරමිනි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අහමඩ් නමැත්තා පිළිබඳ සොයා බලන්නට කටයුතු කළා. ඔහුගේ නිවෙසට පොලිසිය යන අවස්ථාවේ ඔහු සමග නීතිඥවරයකුද සිට ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.
අනතුරුව පොලිසිය සැකකරුගෙන් දිගින් දිගමට ප්‍රශ්න කළ අතර, ෆාතිමා අතුරුදන් වීම සම්බන්ධ සිදුවීමේ සුලමුල ඒ අනුව දිගහැරෙන්නට වුණා. ඒ අනුව හෙළිව තිබුණේ ෆාතිමාට අතවර කිරීමේ අරමුණෙන් සැකකරු ක්‍රියා කර ඇති බවයි.
24 හැවිරිදි සැකකරු ෆාතිමාගේ අතින් අල්ලා කැලෑබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් රැගෙන යෑමට උත්සාහ දරා තිබූ අතර, එහිදී ඇය කෑගැසීම නිසා සැකකරු ඇයගේ ගෙල මිරිකා තිබෙනවා. එහිදී ඇය සිහිසුන්ව ඇදවැටී ඇති අතර, ෆාතිමාගේ කුඩයෙන්ම ඇගේ ගෙලට ඇනීමටද සැකකරු සාහසික වී තිබෙනවා’ එම අමානුෂික පහරදීමෙන් පසු ෆාතිමා මියගොස් ඇති අතර, ඇගේ සිරුර ලඳු කැලෑවේ වළ දැමීමටයි සැකකරු කටයුතු කර තිබුණේ.
ඇගේ කුඩය සහ ජංගම දුරකතනය සහිත අත්බෑගයද ඇගේ සිරුර සමග වළදමා තිබූ අතර, වළට උඩින් තණකොළ දමා වසා තිබුණා. සැකකරු ෆාතිමාව කැලෑ රොදට ඇදගෙන යන අතරතුර ඇගේ අත බැඳි ඔරලෝසුව, පාවහන් යුවළ සහ වතුර බෝතලයද වන රොද තුළ විවිධ ස්ථානවල වැටී තිබියදී පොලිසියට සොයාගැනීමට හැකිව තිබුණා.
ෆාතිමාගේ දේහය ගොඩගැනීම සඳහා මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.පී. ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. මේ අවස්ථාවට ෆාතිමාගේ මව පියා සහ සහෝදරයන්ද සහභාගි වී සිටි අතර ෆාතිමාගේ පියා කඳුළු වැගිරුවේ විලාප දෙමිනි. ෆාතිමාගේ ගමන් බෑගයේ රුපියල් 13ක මුදලක්ද, ඇය නිවෙසින් රැගෙන විත් තිබූ කෑම පාර්සලයද, ෆාමසියේ යතුරු කැරැල්ලද වළදමා තිබී සොයාගෙන තිබුණා.
විසන්ධි කර තිබූ ජංගම දුරකතනයද ඒ වළ තුාතනයේ මූලික විමර්ශන කටයුතු සිදුකළා.
ෆාතිමාගේ ඝාතනයේ සැකකරු වූ අහමඩ් පොලිස් නිලධාරීන් හමුවේ මෙලෙස පාපොච්චාරණයක් කර තිබුණා.
‘“මගේ නම අහමඩ් මට අවුරුදු 24යි. මම පාසල් යන කාලේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහළට යන්න බැරිවුණා ඊට පස්සේ තමයි මම නරක ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් ගංජා මත්ගුළි ඇතුළු මත්ද්‍රව්‍යවලට ඉතාමත් භයානක ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත්වුණා. අපේ ගමේ මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා’ ඒ අයගෙන් තමයි මම ඒවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මීනීමරුවෙක් වුණේ. මේ සිද්ධිය වුණු දවසෙත් මම උදේම මත්ගුළි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ.
මම මත් ගතියෙන් ඔහොම ටික දුරක් යනකොට තමයි ඔය කෙල්ලව දැක්කෙ. මම ඊට කලින් ඒ කෙල්ලව දැකලා තියෙනවා. මේ කෙල්ලව දැක්කාම මට හිතුණා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ලා ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් සොහොන් පිට්ටනිය ළඟදී මම ඒ ගෑනු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින් බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ ඇඟ පහුරුගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ.
ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ලව ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාශ වුණා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බැහැ. මට ආයෙ නිදහසක් නැහැ කියලා මම දන්නවා. මම පොලිසියට බාර වෙන්න තීරණය කළා. අවසානයට මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා, කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා’ එහෙම කළොත් තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා’ මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශය සිදුවුණේ’ අර ගෑනු ළමයාගේ ජීවිතෙත් නැති වුණේ.
ෆාතිමාගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ ඇගේ පියා, මව, සහෝදරයන් කඳුළු සැලුවේ තම දියණිය, සහෝදරිය යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන බව සිහිකරමිනි. තමන්ගේ පාඩුවේ අහිංසක ලෙස ජීවත් වුණු මේ තරුණියට ජීවිතය අහිමි වුණේ රටටම පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය හේතුවෙනුයි. ෆාතිමා දියණියගේ ජීවිතය ලස්සන කරන්නට ඇගේ මවුපියන් කොයි තරම් බලාපොරොත්තු තබාගෙන ඉන්නට ඇද්ද? ඒත් ඒ සියලු බලාපොරොත්තු මතට ඒ අහිංසක මවුපියන්ගේ සියලු සිහින බොඳව ගියා.
රටක යහපැවැත්ම වෙනුවෙන් සාදාචාරසම්පන්න දරු පරපුරක්, තරුණ පරම්පරාවක් බිහිවීමට නම් මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කළ යුතුමයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිරීති දැඩි කළ යුතුමයි. ෆාතිමාගේ සිදුවීම එක් උදාහරණයක් පමණයි. මෙවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය සතිය පුරා සිදුව තිබීම කනගාටුවට කරුණක්.
ගැහැනු දරුවකුට ඇති අනාරක්ෂිත තත්ත්වය දිනෙන් දිනම වැඩිවෙමින් තිබීම මේ වන විට දැකගත හැකි තත්ත්වයකි. ගැහැනු දරුවකුට තනියෙන් පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවී ඇත.
අවුරුදු 80ක මහලු කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු විසින් දූෂණයට ලක්කිරීමේ සිදුවීමක්ද පසුගිය දිනෙක අප රට තුළින්ම වාර්තා වුණා’ මෙවැනි කනගාටුදායක සිදුවීම් නිසා අද සමාජය දැඩි ලෙස පිරිහීමට පත්ව ඇති බව අකැමැත්තෙන් වුවද පිළිගත යුතුය. මෙවැනි පාපතරයන්ට ලබාදෙන දඬුවම් දැඩි කළ යුතුයි. එසේම ඔවුන්ව බේරාගන්නට ඉදිරිපත් වන දේශපාලකයන්, බලපුළුවන්කාරයන් ගැනද මාධ්‍ය මගින් අනාවරණ කළ යුතුයි. නීතියේ සිදුරුවලින් රිංගා මෙවැනි පාපතරයන් බේරාගන්නට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා නීතිය රකින ආයතනවල අපක්ෂපාතී මැදිහත් වීම අනිවාර්ය විය යුතුමය.
417 Views
Comments