“ඔයා නැති වෙලාවට මස්සිනා ගෙදර එන එක මට කරදරයි” - මියගිය බිරිඳ සැමියාට කියලා, අඟු‍රුවාතොට සිදුවීමේ වැරදිකරු කවුද ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

“ඔයා නැති වෙලාවට මස්සිනා ගෙදර එන එක මට කරදරයි” - මියගිය බිරිඳ සැමියාට කියලා, අඟු‍රුවාතොට සිදුවීමේ වැරදිකරු කවුද ?

“ඔයා නැති වෙලාවට මස්සිනා ගෙදර එන එක මට කරදරයි” - මියගිය බිරිඳ සැමියාට කියලා, අඟු‍රුවාතොට සිදුවීමේ වැරදිකරු කවුද ?

සිඟිති දියණියගේ සුරතල් බලමින් ඇය ඉන්නට ඇත්තේ පුදුමාකාර සතුටකින්.


මොකද මේ පුංචි දියණිය දැන් ඉන්නේ අම්මා එක්ක හුරතල් වෙන වයසක.


කොහොම වුණත් මේ කැදැල්ලට එදා අඳුරු දවසක්. ඒ හේතුව කුමක් වෙන්න පුලු‍වන්ද? මේ අඟු‍රුවාතොට සිදුවීමේ මෙතෙක් අනාවරණ වූ කතාවයි.


තවමත් මීට දින දෙකකට පෙර සැකකටයුතු ලෙස අතුරුදන් වූ 24 හැවිරිදි රූමත් තරුණ මව සහ ඇගේ මාස 11ක් වයසැති බිලිඳිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අඟු‍රුවාතොට පොලිසියට මේ වන විටත් වෙහෙසෙනවා, ඒ සඳහාම විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ අඟු‍රුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ නිවෙසක පදිංචිව සිටි එම්. වාසනා කුමාරි සහ ඇගේ එකම දියණිය වන ටශ්මි දිලන්යා දියණියයි.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගෙන සිටි අතුරුදන් වූ කාන්තාවගේ සැමියාගේ මස්සිනා වන හිටපු හමුදා සෙබළාගෙන් ප්‍රශ්නකර ඇති බවට වාර්තා වෙනවා. මෙම නිවසට නිතර දෙවේලේ පැමිණෙන එක මේ මස්සිනාගේ පුරුද්දක් වෙලා තිබුණා.


මස්සිනා තමා නිවෙසේ නැති අවස්ථාවලදී පැමිණීම කරදරයක් බව අතුරුදන් වූ කාන්තාව තම සැමියාට පවසා තිබුණා, ඒ අනුවයි අදාල සැමියා මේ පුද්ගලයා සැක බවට පොලීසියට පවසා ඇත්තේ.


කොහොම වුණත් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී තරුණ මව පදිංචිව සිටි නිවෙසේ මුළුතැන්ගෙයි කොටසේ ශීතකරණයේ දොරේ පැල්ලම් කිහිපයක් සහ ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී ඇති අතර නිවෙස තුළ යම් සිදුවීමක් වී ඇති බවට සැක කෙරෙනවා.


මේ අතර ප්‍රදේශවාසීන් ද පොලිස් නිලධාරීන් සමඟ එක්වී වැසිකිළි වළ, එම නිවෙස ආසන්නයේ තිබූ අත්හැර දැමූ ළිඳක්. අවට කැලෑ ප්‍රදේශ සෝදිසි කළ ද කිසිදු හෝඩුවාවක් හෙළිකර ගැනීමට නොහැකි වී ඇති බවටයි පොලීසිය පවසන්නේ.


කොහොම වුණත් විශේෂ පොලිස් කණ්ඩායම් යොදා තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුවෙනවා.

views

13793 Views

Comments

arrow-up