අව්ව වැස්ස මැද දරු සෙනෙහස පණමෙන් රැකි තවත් පියෙක් - තම පුංචි පුතා වැස්සෙන් රකින්න තාත්තා කෙනෙක් කරපු අපූරු දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අව්ව වැස්ස මැද දරු සෙනෙහස පණමෙන් රැකි තවත් පියෙක් - තම පුංචි පුතා වැස්සෙන් රකින්න තාත්තා කෙනෙක් කරපු අපූරු දේ මෙන්න

අව්ව වැස්ස මැද දරු සෙනෙහස පණමෙන් රැකි තවත් පියෙක් - තම පුංචි පුතා වැස්සෙන් රකින්න තාත්තා කෙනෙක් කරපු අපූරු දේ මෙන්න

තාත්තාගේ ආදරේ මහ මෙරක් වගේ. ඒක ගොඩක් දරුවන්ට තේරෙන්න නම් දරුවොත් ටික ටික වයසින් මුහුකුරා යන්න ඕන.


අපි ඉපදුන දවසේ ඉඳලා අපිව රැකගන්න වගේම දරුවෙක් හොඳ මඟ යවන්න තාත්තා කෙනෙක් හැම තත්පරයකම වෙහෙසෙනවා.


ඒත් එක්කම දරුවෙකුට දුකක් නොදී ඇතිදැඩි කරන්න තාත්තා කෙනෙක් කරපු පුංචි දෙයක් ගැනයි මේ සටහන.


ඒත් මේ පුංචි පුංචි තැන්වල මහ ගොඩක් ආදරය ගැබ් වෙලා තියනවා.


කාලගුණය කියන්නේ ඉඳහිට වෙනස් වෙන දෙයක්. පසුගිය දිනක මහ වැසි තත්ත්වය හේතුවෙන් පාසල අවසන් වී තම දරුවා නිවසට රැගෙන යන්නට පැමිණි තාත්තෙක් එම පාසලේ දෙක වසරේ සිටින තම පුතණුවන් සිය කර මතින් රැගෙන යන අපූරු දසුනක් කැමරාවක අහම්බෙන් සටහන් කර වෙලා.


මේ දසුන දැක ගැනීමට හැකි වූයේ හෙම්මාතගම ගිනිහප්පිටිය දේවි බාලිකා මහා විද්‍යාලය අසලදීයි. මාපියන් තම දරුවන් පණ මෙන් රැක ගන්නට දිවා රාත්‍රී වෙහෙස වෙහෙසෙනවා.


දුක් මහන්සි වී රැකියාව කර තම දරුවන් යහපත් දරුවන් කරන්නට පුදුම විදිහේ උත්සාහයක් ගන්නවා වගේම තමයි, උස් මහත් වන දරුවන් තරුණයන් බවට පත් වන විට මාපියන්ගේ ආදරය සෙනෙහස හා මාපියන්ගේ වටිනාකම ගැන වැටහීමක් නැහැ.

 


කාලයක වැස්ස නිසා පාසල් මිදුලේ මඩ පිරුණු ජලය තැන තැන, සිය කරමතින් රැගෙන යන පුතාට තාත්තාගේ ආදරය සෙනෙහස තේරුම් ගැනීමට හැකි නම්. මෙම ඡායාරූපයෙන් කියැවෙන දරු සෙනෙහස දරුවෙකුට තේරුම් ගැනීමට හොඳ අවස්ථාවක්.

 

දිනමිණ

views

373 Views

Comments

arrow-up