ආයෙත් පාසල් මතක අතරට ගිය නිළි විනූගේ ඡායාරූප එකතුව (PHOTOS)

අපි අපේ ජීවිතවල අද වෙද්දි මොන තැනක හිටියත්, අමතක කරන්න ම බැරි සුන්දරම මතක තිබුණෙ ‘පාසල් කාලෙ’ බව කවුරුත් පිළිගන්න සත්‍යයක්.
ඒ කතාවට ඔබත් එකඟ වෙනවා ඇති.
ඉතින්, එවන් සුන්දර පාසල් කාලෙ මතක අළුත් කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම්, කොයිතරම් දෙයක්ද.
‘අනුලා පා ගමන’ කියන්නෙ එහෙම පාසල් මතක අළුත් කරන, පාසල් මිතුදම් යළි මුණගස්වන අපූරු කටයුත්තක්.
මුළු නුගේගොඩ ම, කහ පාටින් සරසන ලද මෙවර (2025) ‘අනුලා පා ගමන’ පසුගියදා පැවැත්වුණා.
අභිමානවත් අනුලා දියණියන් ඊට එක්කාසු වුණු අපූරුව සමාජ මාධ්‍ය ඔස්සේ ඔබත් දකින්න ඇති.
ජනප්‍රිය නිළි විනූ උදානි සිරිවර්ධන කියන්නෙත් එයාකරයෙන් අනුලා විද්‍යාලයේ පා ගමනට එකතු වුණු, අභිමානවත් අනුලා දියණියක්.
206 Views
Comments