ජීවිතය කනපිට හරවාගත් සුරූපී සුපිරි ගායිකාව ගෙවූ කටුක ජීවිතය ගැන කියන කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ජීවිතය කනපිට හරවාගත් සුරූපී සුපිරි ගායිකාව ගෙවූ කටුක ජීවිතය ගැන කියන කතාව (PHOTOS)

ජීවිතය කනපිට හරවාගත් සුරූපී සුපිරි ගායිකාව ගෙවූ කටුක ජීවිතය ගැන කියන කතාව (PHOTOS)

"වේදනා විදපු ජීවිතයකට කවදා හෝ වසන්තය එනවා සත්තයි.." ඒ කතාව අහලා තිබුණත් ඒ කතාව වලංගු වුණ තවත් එක් සුරූපී තාරකාවකගේ ජීවිත කතාව ගැනයි මේ කියන්න යන්නේ.. නේහා කක්කර්.. මේ ඇය ගැන ඇසෙන කතාවයි..

 

දැකලා තියනවද අඩි පහක් විතර උස හිනා වෙද්දී මූනේ ඩිම්පල්ස් එන කැරලි කොණ්ඩයක් තියන බොලිවුඩ්වල සිංදු කියන පොඩි කෙල්ලෙක්...



ගොඩක් අය දන්නවා වගේ නේහා කක්කර් කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි ගායිකාවක්. මේ පොඩි කෙල්ල සිංදු කියන්න පටන්ගන්නේ එයාට අවුරුදු හතරෙදී. ලොකු වෙනකොට එයාගේ ලොකුම හීනේ වුනේ ගායිකාවක් වෙන එක. එයා එයාට අවුරුදු දහ අටේදී Indian Idol Season 2 තරඟයට සහභාගි වෙලා පලමු දහ දෙනා අතරට එනවා. එයාට තරඟෙන් ඉවත් උනාම එයාට හිතිලා තියනවා "මිනිස්සු මට ඔයා හොඳට ගායනා කළා කියලා කිව්වා ඒත් කවුරුත් මට ඔයා විශිෂ්ට ගායිකාවක් කියලා කිව්වේ නෑ. ඒක නිසා මම විශිෂ්ට ගායිකාවක් කියලා මිනිස්සුන්ට ඔප්පු කරලා පෙන්නන්න ඕනි." එයා බොලිවුඩ්වල විශිෂ්ට ගායිකාවක් වෙන්න තරඟෙන් ඉවත් වුණ දවසේ ඉඳලාම මහන්සි වෙනවා. එයාගේ මේ ගමනේ ප්‍රතිඵලයක් විදිහට එයා SA RE GA MA PA Little Champs රියලිටි ශෝ එකේ ජජ් කෙනෙක් වෙලයි නවතින්නේ. ඒ වගේම එයා ඉන්දියාවේ විශිෂ්ට ගායිකාවක් වෙනවා. නමක් හදාගන්නවා. මිනිස්සු මේ චූටි ඇඟක් තියන හුරතල් කෙල්ලට නමක් දෙනවා Indian Shakira කියලා.

 


නේහගේ ජීවිතේ එයා වසන්තේ හොයාගෙන යන්නේ හිමන්ශ් කෝලි එක්ක. මේ දෙන්නා හම්බෙන්නෙත් මියුසික් වැඩවලදීම තමයි. මුලින්ම හොඳ යාළුවෝ වුණ මේ දෙන්නා පස්සේ ආදරවන්තයෝ වෙනවා. නේහා කියන්නේ පොඩි දේකටත් සංවේදී වෙන අඬන බබෙක්. ඉතින් මේ වෙලාවට හිමන්ශ් ඉන්නවා එයාගේ උදව්වට. ඒත් හිමන්ශ් එක තැනකදී නේහාව අතඇරලා දානවා. මේ බ්‍රේකප් එක නේහාට ලොකුවටම බලපානවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාට විෂදය හැදෙනවා. නේහා මේ සිද්දිය නිසා කොච්චර විඳවලා තියනවද කිව්වොත් එයාට ප්‍රසිද්දියේ ඇඬුනු අවස්ථා ඕනි තරම්. සිංඳු කිය කිය අඬනවා. ඊටපස්සේ සමාව ඉල්ලනවා මිනිස්සුන්ගෙන්. “මට සමාවෙන්න. මේ සිංදුව මට ටිකක් තදට දැනුනා” කියලා. ජීවිතේ එක පාරටම කනපිට ගහපු මේ සිද්දියේදි නේහා තමන්ගේ පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න පටන් ගන්නවා.

 


එයා එක තැනකදී කියනවා “මම මගේ ජීවිතේ ගොඩක් දේවල්වලට වෙන්කරපු ඉඩ උදුරලා ඔහු වෙනුවෙන් යෙදෙව්වා. ඒත් මට හැමදාම අහන්න වුනේ ඔයා මං වෙනුවෙන් ඉඩක් වෙන් කරනවද කියන අවලාදය. මම එතකොට මගේ පවුලේ අය එක්ක කාලය ගත කරේ නෑ. දැන් මට හිතෙනවා මම මගේ ජීවිතේ මට වටිනම දේවල් මගහැරගෙන ජීවත් වෙලා තියෙන්නේ” කියලා. ඊළඟට එයා කරගෙන ආව වැඩ නැවැත්තුවේ නෑ. ඒවා කරා. තව අලුතෙන් භාරගත්තා. ඒ වගේම කාලයත් එක්ක විෂාදයෙන් මිදුනා.

 


ජීවිතේ කවදාවත් එක තැන නතර වෙලා තියෙන් නෑනේ. තමන්ට ඕනි නැති උනත් අල්ලලා තියාගන්න බැරි දෙයක් ජීවිතේ. ආයේ ආදරේ කරන් නෑ. තනිකඩ ජීවිතේ නිදහස් කියලා හිතා ගෙන ජීවත් වුන නේහට ආපහු ආදර වැස්සක් වහින්න පටන් ගන්නවා. මේ කොල්ලා ටිකක් ස්පෙශල් කොල්ලෙක්. නිකන් ඉන්දියන් කොල්ලෙක් නෙවේ. පංජාබි කොල්ලෙක්. අර නේහගේ ජීවිතේ කනපිට ගහලා ගිය කොල්ලාට වඩා ලස්සන කොල්ලෙක්. ඒ වගේම කෙල්ලෙක්ම අගය කරන්න තේරුම්ගන්න දන්න කොල්ලෙක්. නේහා කොච්චර හිත හයිය කරගෙන හිටියත් මේ කොල්ලා හිතට එබෙන එක නවත්තගන්න නේහාට බැරි වෙලා තියනවා. මේ දෙන්නා මාස කිහිපයකට කලින් සිංදුවක් කරනවා. ඒක තමයි
“Aaja Chal Vyaah Karwaiye Lockdown vich Katt Hone Kharche” තේරුම තමයි “අපි ලොක්ඩවුන් එක මැද කසාද බඳිමු “. සිංදුවෙන් කිව්වා වගේම ඒ දෙන්නා ලොක්ඩවුන් එක මැද කසාද බඳිනවා.

 



නේහාව මම මුලින්ම දකින්නේ FB වීඩියෝ එකකින්. ලයිව් ශෝ එක්ක බෝනික්කෙක් වගේ පොඩි කෙල්ලෙක් නට නට සිංදුවක් කියනවා. පොඩ්ඩක් හොයලා බලනකොට මේ ආසම සිංදු ටිකක් කියන ගායිකාවක්. නේහා වෙනස්ම වෙනස් කටහඬක් තිබ්බ කෙල්ලෙක්. පිටින් පේනවට වඩා හිත හයිය කෙල්ලෙක්. තමන්ගේහීනවලට ළඟා වුණ කෙල්ලෙක්. ජීවිතේ උස්සලා පොලොවෙ ගහපු පාරක නෑ මම වැටෙන්නෑ. කොහොම හරි නැගිටිනවා කියලා නැගිටපු කෙල්ලෙක්. ජීවිතේ එක තැන නතර කරගන් නැතුව ඉස්සරහට ගිය කෙල්ලෙක්. සතුට එනකන් බලාගෙන ඉන්නැතුව සතුට හොයාගෙන ගිය කෙල්ලෙක්. මට නම් සුපිරි කෙල්ලෙක්.

 


මේ කොල්ලා ඉපදෙන්නේ 1994 දෙසැම්බර් 1 දා Sikh family එකකට. රෝහන්ට තව සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. මෙයා අධ්‍යාපනය හදාරලා තියෙන්නේ පටියාලා හි ශ්‍රී ගුරු හර්ක්‍රිෂාන් පොදු පාසලෙන් වගේම මහාචාර්ය ගුර්මුක් සිං සෙගල් යටතේ හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය හදාරලා තියනවා. ඒත් රෝහන් මියුසික්වලට දක්ෂතා පෙන්නන්න අරන් තියෙන්නේ වයස අවුරුදු තුන හමාරක වගේ…

 

 

 

 

 

 

 

 

 

 

views

145 Views

Comments

arrow-up