අම්මා විලාසිතා කොණ්ඩය වෙනස්කර කැපුවැයි උරණවූ පුතා කරගත් දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

අම්මා විලාසිතා කොණ්ඩය වෙනස්කර කැපුවැයි උරණවූ පුතා කරගත් දේ

අම්මා විලාසිතා කොණ්ඩය වෙනස්කර කැපුවැයි උරණවූ පුතා කරගත් දේ

වැල්ලවාය, හඳපානාගල, උල්කන්ද මැදගලගම පදිංචි පහළොස් හැවිරිදි දරුවෙකු 08 වැනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමාන්නගේ කවීෂ ලක්මාල් නමැති ප්‍රදේශයේ පාසලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

 

මෙම ළමයා කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සිට මීට මාසයකට පමණ ඉහතදී උපවැදි වී ඇත.මෙම ළමයාගේ පියා මීට මාස තුනකට පමණ ඉහතදී හදිසි අනතුරකට ලක්වී මියගොස් තිබේ.

 

මව විසින් ළමයා ගමේ පාසලට ඇතුළත් කර ඇති අතර කොණ්ඩය නිසි ලෙස කපාගෙන පැමිණෙන ලෙස විදුහලෙන් උපදෙස් දී ඇත.

 

ඒ අනුව මව විසින් කොණ්ඩය කපා ඇති අතර ඊට උරණවූ මෙම ළමයා නිවසේ මව නොසිටි අවස්ථාවේ ගෙල වැලලාගෙන මෙලෙස මියගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

ළමයාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානයේ ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.

views

285 Views

Comments

arrow-up