“කියන්න සුදු නංගි නොම්මරේ”‍ - නෙත් සිත් ඇවිස්සූ සුදු නංගියාට ලංවෙන්න ගිය අයියාට සිදුවූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

“කියන්න සුදු නංගි නොම්මරේ”‍ - නෙත් සිත් ඇවිස්සූ සුදු නංගියාට ලංවෙන්න ගිය අයියාට සිදුවූදේ

“කියන්න සුදු නංගි නොම්මරේ”‍ - නෙත් සිත් ඇවිස්සූ සුදු නංගියාට ලංවෙන්න ගිය අයියාට සිදුවූදේ

සුරූපී තරුණියක්.. ඒ විතරක් නෙවෙයි, දැක්කගමන් හැමෝගේම ඇස් වශී කරගන්න පෙනුමක් ඇයට තිබුණා..

 

කොහොම වුණත්, ඒ ලස්සනට මහ රෑ වශී වුණ තරුණයෙකුට වුණේ හිතාගන්න බැරි දෙයක්.. මහ රෑ මහමගදී හමුවූ සුදු නංගිට උදව් කරන්න ගිහ්න් අමාරුවේ වැටුණ අයියා කෙනෙකු පිළිබඳව අපූරු කතාවක් අසන්නට ලැබෙනවා... ඒ රෑ කඩවලට ප්‍රසිද්ධ නගරයකින්..
එම නගරයෙන් බැස නිවසට යෑමට ගිය තරුණියක ඔහුට දක්නට ලැබිලා..

 

ඇයට කිට්ටු වෙත්ම ඇය ළගින් ආ සුවඳට ඔහුගේ නාසය පමණක් නොව සිත ද ඇදී ගියා.. "මොකද නංගී මෙතන තනියම" ඔහු ඇසුවේ නිකමට වගේ...

 

"අනේ අයියේ මම අපේ අයියා එනකම් ඉන්නේ"
"ඇයි ඉතිං ඔයා කෝල් කරේ නැද්ද"
"මගේ ෆෝන් එකේ සල්ලි ඉවරයි. හැබැයි එයා මෙතනට එනවා කිව්වා. මම ඒකයි බලන් ඉන්නේ.."



"ඔයා වගේ ළමයෙක් මෙහෙම මෙතන ඉන්න එක හොඳ නැහැනේ.." යයි කියමින් මේ අතරමගදී මුණගැසුන මේ අයියා තමාගේ ෆෝන් එක ගත්තා..

 


"කියන්න සුදු නංගි නොම්මරේ" ඔහු කී විට මේ තරුණිය ඔහුගේ ඇගේ ගෑවෙන තරමටම ළංවී ඔහුට දුරකතන අංකයක් කීවා.. එය වැඩ නොකරන නොම්මරයක්... අවස්ථා කිහිපයක්ම ඔහු උත්සාහ කළා..

 


මේ අස්සේ සුදු නංගීගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවා.. "වැඩේ හරිද" ඇයගෙන් කෙනෙක් ඇසුවා.. "වැඩේ හරි ඉක්මනටම එන්න" යයි ඇය කීවා.. ඒ සමගම තරුණයකු ආ යතුරු පැදියේ නැගී ඇය ගියේ "යන්නම් අයියේ බායි" කියමින්..

 



ඔහුගේ සිත මේ නංගී ළඟයි.. ඔහු කඩේකට ගොඩවූවේ නිවසේ දියණියට චොකලට් එකක් ගැනීමටයි... බස් රථයෙන් පරිස්සමට ගෙන ආ මුදල් පසුම්බිය නැති බව දැනුණු විට සුදු නංගී ගැන මතකයට ආවේ ඉබේටමලු‍...

views

231 Views

Comments

arrow-up