“රසික රසිකාවියන් වෙනුවෙන් මම ඉන්නවා.. වැඩ කරනවා..” - කාංචනා අනුරාධි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

“රසික රසිකාවියන් වෙනුවෙන් මම ඉන්නවා.. වැඩ කරනවා..” - කාංචනා අනුරාධි

“රසික රසිකාවියන් වෙනුවෙන් මම ඉන්නවා.. වැඩ කරනවා..” - කාංචනා අනුරාධි

කාංචනා අනුරාධි කියන්නේ, ඇගේ හැකියාව ගැන ප්‍රේක්ෂකයාට විශ්වාසයක් ඇතිකළ ගායිකාවක්..



බොහොම ලස්සන සංගීත ගමනක් ආරම්භ කරපු කාංචනා, අද වෙනකොට හරි අපූරු විදිහට ඇගේ සංගීත ජීවිතය ඉදිරියට ගෙන යනවා..

 


ඒ විතරක් නෙවෙයි කාංචනාගේ හැම ගීතයකටම ආදරේ කරන බොහෝ පිරිසක් නිරන්තරයෙන් ඇය වටා ඉන්නවා.. මේ දවස්වල කාංචනා නත්තල වෙනුවෙන් කළ අලුත්ම ගීතයක් ගැන බොහෝ දෙනා කතා වෙනවා.. අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ ගීතයෙන් පස්සේ, ඔන්න අපි ඇගෙන් මෙන්න මෙහෙම අහන්න හිතුවා..
 



ඉතින් කාංචනා, එළඹෙන්නේ අලුත් වර්ෂයක්. ඒ වර්ෂයේ කාංචනාගේ බලාපොරොත්තු මොන වගේද.?

ඔව් හැම වසරකම වගේ නැවුම් බලාපොරොත්තු එක්ක, ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් ගොඩක් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.. ඉතින් බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ, මමත් ඒ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙමින් ඉන්නවා..



අධ්‍යාපනය කියන්නේ ජීවිතයට ආභරණයක්.. ඒ වගේමයි කාංචනාගේ විශ්වවිද්‍යාල ජීවිතය පහුගිය දවසක නිමා වුණා.. අපි ඒ දවස ගැනත් කතාකරමු..



අධ්‍යාපනය අපේ ජීවිත පෝෂණය කරනවා.. මම හරි ආසයි අධ්‍යාපනය ලබන්න..ඒත් මට ගොඩක් අය කිව්වා සංගීත කරන ගමන් මේ දෙකම කරන්න අමාරුයි නේද කියලා.. අපි එකකට ෆෝකස් වෙමු නේද කියල තමයි ගොඩක් දෙනෙක් කිව්වේ.. හැබැයි මට තිබ්බ ආසාව හින්දම මට ඒ දේ සාර්ථකව කරගන්න පුළුවන් වුණා.. මට හැම නංගි කෙනෙක්ටම, මල්ලි කෙනෙක්ටම කියන්න තියෙන්නේ "ඔයාලා කරන දේ ආසාවෙන් කරන්න." එතකොට ඒ දේවල් කරන්න අපට ශක්තිය ලැබෙනවා.. පොතේ පතේ දැනුම වගේම මොනයම් ක්ෂේත්‍රයක නියැලෙන කෙනෙක් වුණත් අධ්‍යාපනය තමයි අපිව ශක්තිමත් කරන්නේ..



එදා දවසේ අම්මයි තාත්තයි ඔබේ සෙවනැල්ල වගේ හිටියා..ඊට අමතරව වෙන විශේෂ කෙනෙක් කාංචනාගේ උපාධි උත්සවය හැඩ කළාද..?

ඔව් එදා දවසේ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හැමෝමත් එක්ක ඒ දවස ලස්සනට ගෙවුනා.. ඒ වගේමයි එදා දවස ගොඩක් අය අතර කතාබහට ලක්වෙන ලොකු මල් පොකුරක් මට ලැබුණා.. ඒක මට එව්වේ මගේ අක්කා.. ඇය කෙමිකල් ඉංජිනේරුවරියක්.. නෝර්වේවල තමයි ඇය ඉන්නේ.. ඉතින් මගේ අක්කා තමයි එදා දවසේ ඒ සතුට අරන් ආවේ මට..



කාංචනා ගායනා කළ උපාලි කන්නන්ගර මහත්මයාගේ ගීතයක් පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුණා. ආස නැද්ද ඒ වගේ තවත් cover song එකක් කරන්න..

ඇත්තටම මට ඒ ගීතය ගායනා කරන්න ලැබුණේ, එතුමා වෙනුවෙන් උපහාර පිරිනැමෙන අවස්ථාවකට..ඒක ඇත්තටම මම හිතලවත්, ප්ලෑන් කරලවත් කරපු දෙයක් නෙමෙයි.. ඒත් ඒ ගීතයේ වචන, rhythm එක, වගේම melody එකත් එක්ක සමාජයේ බොහෝ දෙනා අතරට යන්න පුළුවන් වුණා.. එහෙම තමයි ඉතින් මං හිතලා කරේ නෑ ඒ කවර් එක..

 



ඒ කියන්නේ කාංචනා රසිකයින් අතරට එන්න කැමති තමන්ගේම නිර්මාණවලින් විතරද..?

ඔව් ඇත්තටම මං original songs කරන්න තමයි ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.. ඒ මොකද කියනවනම් අපේ රසික රසිකාවියන් බලාපොරොත්තු වෙන්නේ අපේම නිර්මාණ.. ඉතින් ඒ වෙනුවෙන් මම ඉන්නවා.. වැඩ කරනවා..

 

 

 

 

 

 

 

 

 

views

190 Views

Comments

arrow-up