රථ වාහන පරික්‍ෂාවේ යෙදී සිටි කොස්තාපල්ව මරුවා අරන් ගිය හැටි

රස්නායකපුර පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී මහමඟ ධාවනය වූ වෑන් රථයකට යටවී ඉකුත් 08 දා රාත්‍රියේ 8.00ට පමණ පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වී ඇත.
අනතුරෙන් මෙසේ මියගොස් ඇත්තේ කොටවෙහෙර, කරිහට්ටිකුලම, මොන්නෑකුලම ලිපිනයේ පදිංචි පොලිස් කොස්තාපල් ඒ. එච්. එම්. උපුල් මධුශංක (84671) නමැති අවිවාහක පොලිස් නිලධාරියා ය.
එම ස්ථානයේම මාර්ග සෝදිසි කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු සහ නම්මුවාව ප්‍රදේශයේ පුද්ගලයකුද මෙම අනතුරට පත්වී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රස්නායක පොලිසිය කියයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වු පොලිස් නිලධාරියා එම අවස්ථාවේ මහමඟ ධාවනය වූ යතුරුපැදියක් නවත්වා එය සෝදිසියට ලක් කරමින් සිටියදී, වෑන් රථයට යටවී ඇති අතර අනතුරින් බරපතළ තුවාලලත් පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මරණයට පත්ව සිටි බවද පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නවතා තිබූ යතුරුපැදි කීපයකටද හානි සිදුව ඇත.
අනතුරට සම්බන්ධ වෑන් රථය සහ සහ ආඬිගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පොලිස් නිලධාරියා පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී ඊයේ (09 දා) සිදු කිරීමට නියමිතව තිබුණි.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති ප්‍ර.පො.ප. බණ්ඩාරනායක මහතා ඇතුළු නිලධාරීන් අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
185 Views
Comments