පුතා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් සිත් තැවුලට පත් මව කරගත් අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

පුතා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් සිත් තැවුලට පත් මව කරගත් අපරාධය

පුතා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් සිත් තැවුලට පත් මව කරගත් අපරාධය

පුතා පොලිස් අත්අඩංගුවට ගැනීම නිසා සිත් වේදනාවට පත් 44 හැවිරිදි මවක් ගෙල වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් මහව පොලිස් වසමෙන් වාර්තා වෙයි.

 

මේ පිළිබඳව මහව පොලිසියෙන් කළ විමසීමකදී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව බණ්ඩාරනායක මහතා කීවේ මියගිය කාන්තාවගේ පුතා තවත් තරුණයන් තිදෙනකු සමග පුද්ගලයෙකුට පහරදීම නිසා එම පුද්ගලයා රෝහල්ගත කර පසුව පිටව ගොස් තිබූ බවයි.

 

කෙසේ වෙතත් මෙම පහරදීම මුල්කරගෙන අදාළ කාන්තාවගේ පුතා සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන මහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් වී පැමිණි බව ද පොලිසිය කියයි.

 

මෙම කාන්තාවගේ දරුවා අත්අඩංගුවට ගැනීම නිසා ඇය මෙසේ දිවි හානිකරගෙන තිබෙන නමුත් දරුවාට ඇප දී නිදහස් කර තිබූ බවද පොලිසිය කියයි.

 

ඇයගේ පුතා අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිය අනුව යැයි ද පොලිසිය කියයි.

views

7278 Views

Comments

arrow-up