ඇය ජීවත්වුණේ නිත්‍යානුකූළ සැමියාගෙන් වෙන්වයි - 45 හැවිරිදි තිදරු මවට අවසානයේ අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ඇය ජීවත්වුණේ නිත්‍යානුකූළ සැමියාගෙන් වෙන්වයි - 45 හැවිරිදි තිදරු මවට අවසානයේ අත්වුණු ඉරණම

ඇය ජීවත්වුණේ නිත්‍යානුකූළ සැමියාගෙන් වෙන්වයි - 45 හැවිරිදි තිදරු මවට අවසානයේ අත්වුණු ඉරණම

කතරගම, පෙරගිරිගම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක කපා කොටා ඊයේ (01) ඝාතනය කර තිබේ.

 

දරුවන් තිදෙනකුගේ මවක් වන මැය සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුරුෂයකු සමග පෙරගිරිගම පදිංචිව සිටියාය.

 

අනියම් සැමියා හා නිතර ආරවුල් සිදුව අඬදබර වෙමින් සිට ඇති බව ඥාතීහු පවසති.

 

මෙම ඝාතනය සිදුකළ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පවා ඝාතකයා විසින් ගලවාගෙන ගොස් තිබේ.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කතරගම පොලිසිය පවත්වයි.

views

226 Views

Comments

arrow-up