කොහොමද මෙහෙම දෙයක් කරන්න හිතුණේ... - මවගේ අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි මල් කැකුළ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

කොහොමද මෙහෙම දෙයක් කරන්න හිතුණේ... - මවගේ අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි මල් කැකුළ

කොහොමද මෙහෙම දෙයක් කරන්න හිතුණේ... - මවගේ අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි මල් කැකුළ

අවසානයේ මිලින වී ගියේ අහිංසක පුංචි මල් කැකුළක්.. ඇය මේ වගේ තීරණයක් ගත්තේ අනියම් පෙමක් නිසායි..

 

ඒත් අවසානයේ ඇගේ දිවි බේරුණත් ඇය කළ මේ ක්‍රියාව නිසා කවදාවත් ඇයට ආයෙත් හිත හදාගන්න බැරි වේවි.. මේ ඒ ගැන ඇසෙන කතාවයි..



පවුල් ආරවුලක් හේතුවෙන් අවුරුදු 04ක් වයසැති සිය දරුවා ද සමග කාන්තාවක් ඉහල කොත්මලේ ජලාශයට පැන තිබෙනවා..



අදාළ කාන්තාව ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර අතර සිව් හැවිරිදි දරුවා සොයා තලවකැලේ පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ..



තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 වයසැති කාන්තාව සිය සැමියාගෙන් වෙන්වි පුඩළුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග වාසය කර තිබෙනවා..



එම අනියම් සැමියා වෙනත් විවාහයක් සිදු කර ගැනිම සම්බන්ධයෙන් සිත් තැවුලට පත් කාන්තාව මෙසේ ඉහල කොත්මලේ ජලාශය වෙත පැමිණ තලවකැලේ දුම්රිය පාලම මතින් ජලාශයට පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..



කාන්තාවක් දරුවෙකු සමග ඉහල කොත්මලේ ජලාශයට පනින අයුරු දුටු ප්‍රදේශවාසින් ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දි පසුව ජලාශයේ ගිලෙමින් සිටි මව ප්‍රථමයෙන් බේරාගෙන ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා..



ජලාශයේ අතුරුදහන් වි ඇති අවුරුදු 04 වයසැති දිනේෂ් හම්සින් නැමති දරුවා සොයා ඊයේ (16) දින පස්වරුවේ ඉහල කොත්මලේ ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරින්, තලවකැලේ පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කළත් සිරුර සොයා ගැනිමට නොහැකි වු නිසා අද (17) දින උදැසන සිට යළි මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා..



අනියම් සැමියා සහ ජලාශයට පැන්න කාන්තාව අතර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තලවකැලේ සහ පුඩළුඔය පොලිසියේ පැමිණිලි කිහිපයක්ද විභාග කර ඇති බවද සඳහන්.

views

329 Views

Comments

arrow-up