බිරිඳ නැති ටිකට නිවසට රැගෙන ගිය තරුණිය ලක්ෂ 7ක රන් මාලය උස්සලා - එය ලබා ගන්න නිවෙස් හිමියා කලදේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

බිරිඳ නැති ටිකට නිවසට රැගෙන ගිය තරුණිය ලක්ෂ 7ක රන් මාලය උස්සලා - එය ලබා ගන්න නිවෙස් හිමියා කලදේ

බිරිඳ නැති ටිකට නිවසට රැගෙන ගිය තරුණිය ලක්ෂ 7ක රන් මාලය උස්සලා - එය ලබා ගන්න නිවෙස් හිමියා කලදේ

තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හදුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

 

නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය සහ ඇය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 

 

මාලය නැතිවූ පුද්ගලයා ධනවතකු වන අතර බිරිය තෙවැනි දරුවා බිහිකර සති දෙකකට පමණ පසු ඔහු තම පෞද්ගලික අවශ්‍යතාව යහළුවකුට පවසා ඇත. ඒ අනුව ඔහු සිය නිවසේදී ඉකුත් ජූලි 29 දා තරුණිය මුණගස්වා ඇති බව පොලිසිය  පවසයි.



ටික වේලාවක් තරුණිය සමග කතා කරමින් සිටින විට තරුණිය ආ අයියා ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවානෙ. පොඩ්ඩක් දෙනවද දාගෙන ඉන්න' යැයි පවසා තරුණයාගෙන් පවුම් තුනහමාරක් බරැති මාලය ගලවාගෙන ඇයගේ ගෙලේ පළඳවාගෙන ඇත.

 

මද වේලාවකට පසු තරුණයා අසල වෙළඳසලකට ගොස් පැමිණ බලද්දී තම නොමැති බව  මාලය තරුණියගේ ගෙලේ දැක ප්‍රශ්න කිරීමේදී ඇය මාලය ගිල දැමූ  බව පවසා ඇත. තරුණිය එදින එම නිවසේ  බලහත්කාරයෙන් රඳවා තබාගෙන පසුදා එක්ස්ගේ එකක් ලබාගෙන ඇති අතර එහි තරුණියගේ උදරය තුළ රන් මාලය තිබෙන බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

පසුව ඇය තම මිතුරකුගේ නිවසේ නවත්වා ඇයට නිරන්තරයෙන් පලතුරු ආහාර ලබාදී ඇත. දින පහක් පමණ රුපියල් 20,000ක් පමණ වටිනාකමකින් යුතු පලතුරු ලබා දුන්නද මාලය ලැබී නොමැති බව අනාවරණය වී තිබේ. හයවැනි දින අලුයම තරුණියට මාලය හමුවී ඇය එයද රැගෙන නිවසින් පලා යද්දී ඇය රඳවාගෙන සිටි තිදෙනා ඇය සොයා  ගොස් ඇති අතර බියට පත් තරුණිය යුද හමුදා කඳවුරකට දුවගොස් ඇතැයි කියයි.

 

යුද හමුදා කඳවුරේ නිලධාරීන් මින්නේරිය පොලිසියට බාරදුන් තරුණිය පසුව හිඟුරක්ගොඩ පොලිසියට බාරදී ඇති  අතර එම අවස්ථාවේදී රන් මාලය හිමි තරුණයාද තම මාලය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත.

 

පැමිණිල්ල ලියා ගැනීමෙන් අනතුරුව තරුණිය පරීක්ෂා කිරීමේදී ඇයගේ තිසරපට තුළ තිබී රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා මාලය හමු වූ බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. සැකකාරිය සහ සැකකරුවෝ සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

views

448 Views

Comments

arrow-up