පාටියට ගොස් සැරබීම පටලවාගත් ගත් පසු සිදුවූයේ කිසිවෙක් නොසිතූ දෙයක් - අමධ්‍යප ඔහුට අවසානයේ සිදුවූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පාටියට ගොස් සැරබීම පටලවාගත් ගත් පසු සිදුවූයේ කිසිවෙක් නොසිතූ දෙයක් - අමධ්‍යප ඔහුට අවසානයේ සිදුවූදේ

පාටියට ගොස් සැරබීම පටලවාගත් ගත් පසු සිදුවූයේ කිසිවෙක් නොසිතූ දෙයක් - අමධ්‍යප ඔහුට අවසානයේ සිදුවූදේ

ඔහු අමධ්‍යප අයෙක්.. 

බොන මිතුරන්ද ඇසුරු කරන්නේ ද බොහෝම පරිස්සමටයි.. 

 

මිතුරන් බොන තැනට ගියත් කට ගැස්ම යහමින් ගත්තත් බිව් වීදුරුවකවත් සැන්ඩි ටිකක්වත් නොබොන්නේ බීමට ඇති අප්‍රියාව නිසාමයි...



අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් පාටියක් සංවිධානය කර තිබුණේ සමාගමකින් වන අතර ඔහුටද මේ සඳහා ඇරයුම් ලැබුණා... රජ මැදුරක ආරාධනාවට ගියත් බොහෝම චාමෙට යන මිනිහා මේ උත්සවයටද ගියේ චාමෙටයි.. සරලවයි... ඒ ඔහුගේ හැටි වුණා...



මේ අලු‍ත් අවුරුදු පාටියට ගොස් ඔහු වාඩිවූ මේසයට පලතුරුවලින් සෑදූ ජූස් වර්ග කිහිපයක්ම සේවකයෝ රැගෙන ආවා.. මිනිහාගේ හිත ගියේ පැණි කොමඩු ජූස් එකටයි..ඩ්. බීම බටයකින් පැණි කොමඩු ජූස් එක තොලගාන ඔහුට පොඩි තිත්ත රසක්ද ආවා..



එයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ ඔහු එම ජූස් එක එක පිම්මේ පානය කළේ අලජ්ජකමට නම් නොව පිපාසයටයි... එම පානයෙන් අමුතුම ආශ්වාදයක් ලැබූ කතා නායකයා තවත් පැණි කොමඩු ජූස් එකක් පානය කළා.. ඒ වෙනුවෙන් තිබූ කටට රසට සාදා තිබූ කුකුළු මස් සහ සොසේජස් පීරිසි දෙක තුනක්ම ඔහු ඇද බෑවේද විනෝදයටයි..



ගතවූවේ ටික වේලාවයි... පළමු වරට තමා වටා ලෝකය භ්‍රමණය වන බව ඔහුට දැනුනා... ඇස්වලින් තරු කැට කඩා හැලෙන බවද ඔහුට දැනුනේද පළමු වරටයි... කාපු කුකුළු මස් සහ සොසේජස් ඔහුගේ කුසයේ සිටීමට බැරි බව දැන්වූවාක් මෙන් ඔහු ඒවා පිටතට දැමූවේ පිටට යාමටවත් තරම් කාලයක් නොවූ හෙයින්, ඔහුගේ හැදිච්ච, සිල්වත්කම ගැන එක එක්කෙනාට එතනදී ඇතිවූවේ ලොකු ප්‍රශ්නයක්... ඔහුගේ වමනයේ ගඳ දැනී ඇතැම් අයද වමනය කළේ මේ හාදයාට දෙහි කපමින්..



මිනිහා දැන් දොඩවන්නේ විකාර‍යි... හිනා යන කතා එමටයි.. පියවි සිහිය එන විට පාටියේ හුඟ හරිය ගොස්ය.. මිනිහට හොඳටම ලැජ්ජයි.. තමා පානය කළ පැණි කොමඩු බීම ගැන සොයා බැලීමට සිත්වූවේ මේ සියලු‍දේම වූවේ එය පානය කිරීමෙන් නිසායි.. මේ පැණි කොමඩු ජූස් එකට සැර බීම ජාතියක් කවලම් කර ඇති බව සංවිධායකයන් කීවිට ඔහුට තුන් මුහුණින් දහඩිය දැමුවා... දැන් වෙන්න ඕනදේ වෙලායි...


 

තවමත් මත් ගතිය ඇති බැවින් ඔහු සිය නිවසට යතුරු පැදියෙන් යන්නේ කොහෝමදැයි සිත සිතා සිටින විට මේ අවුරුදු පාටිය සංවිධානය කළ ආයතනයේ පිහිටෙන් ඔහු නිවසට ගියාලු‍... මීයෙක් රා බීලා යයි භාර්යාව ඔහුට ඇසෙන සේ කීවේ වෙනදාට වඩා ඔහුගේ හැසිරීමේ අමුත්තක් දුටු නිසාමයි...

 

- උපුටා ගැනීමකි

views

99 Views

Comments

arrow-up