නුගේගොඩ සිට කඩුගන්නාවට උපන් ඇඳුමෙන් බයික් එකේ ගිය තරුණයාගෙන් වෙනස්ම කතාවක් එළියට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

නුගේගොඩ සිට කඩුගන්නාවට උපන් ඇඳුමෙන් බයික් එකේ ගිය තරුණයාගෙන් වෙනස්ම කතාවක් එළියට (VIDEO)

නුගේගොඩ සිට කඩුගන්නාවට උපන් ඇඳුමෙන් බයික් එකේ ගිය තරුණයාගෙන් වෙනස්ම කතාවක් එළියට (VIDEO)

නුගේගොඩ සිට මහනුවර දක්වා නිරුවතින් යතුරුපැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකු කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල විදපු ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා මාතර - අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.



කඩුගන්නාව පොලිසිය සඳහන් කරන පරිදි, කෑගල්ල පොලිසිය මගින් ලැබුණු තොරතුරු අනුව කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා දැඩි පරිශ්‍රමයකින් පසු මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. සැකකරු නුගේගොඩ සිට පොලිස් බල ප්‍රදේශ ගණනාවක් පසු කරමින් කිසිදු පොලිස් නිලධාරියෙකුගේ බාධා කිරීමකට ලක් නොවී කඩුගන්නාව ප්‍රදේශය දක්වා පැමිණ තිබීම විශේෂත්වයකි.

 

සැකකරු යතුරුපැදියෙන් ගමන් කරන අතරතුර තම දුරකථනය, මුදල් පසුම්බිය හා ඇඳුම් විසි කර දමා ඇති අතරම මෙතරම් දුරක් ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැළඳීමෙන් තොරව පැමිණ ඇති බව වාර්තා විය.

 


ඔහු නිරුවතින්ම ගොස් ගමන් මාර්ගයේදී අවස්ථා තුනකදී ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබාගෙන ඇති බවද වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සම්පූර්ණයෙන්ම නිරුවතින් සිටි බැවින්, කඩුගන්නාව පොලිසියේ නිලධාරීන් විසින් අසල්වැසි නිවසකින් සරමක් ලබාගෙන ඔහුට අන්දවා පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

 


පොලිස් විමර්ශනය අනුව සැකකරුගේ මව වෛද්‍යවරියක් වන අතර පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවයි. තවද, මෙම තරුණයා කොළඹ ප්‍රදේශයේ ශරීර අභ්‍යාස මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව කියා තිබේ.



තමා, "නිරුවතින් යතුරුපැදියක යන පුද්ගලයෙකුට මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද යන්න බැලීම සඳහා මේ ගමන පැමිණි බව" ඔහු කියා ඇත.

 


නුගේගොඩ සිට පැමිණෙන අතරතුරදී මාර්ගය අසල තමන් යතුරුපැදිය නවතාගෙන සිටි බවත්, සියලු දෙනා තමන් දෙස බලා සිනාසී ගිය බවත් ඔහු පවසා ඇත.



සැකකරු නුගේගොඩ හෝටලයක නවාතැන් ගෙන සිට අද අලුයම පිටත් වී ඇති අතර නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇත.



කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන යන අයුරු වෛද්‍යවරයෙකු විසින් දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසුව ඒ ගැන මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමට පොලිස් හදිසි ඇමතුම් ඒකකය පියවර ගෙන තිබුණද, මාවනැල්ල පොලිසියට අදාළ තරුණයා මඟ හැරී තිබේ. අනතුරුව කඩුගන්නාව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු අවසානයේ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙයි.



සැකකරු සරම පිටින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුව එළඹෙන 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත. සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මනෝ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

 

 

views

2330 Views

Comments

arrow-up