දැඩි ලෙස ආදරය කල දෙයක් නිසාම ඔහුට අවසන් ගමන් යන්න වෙලා - යතුරුපැදියක් නිසා ජීවිතයෙන් සමුගත් තරුණයෙක් ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

දැඩි ලෙස ආදරය කල දෙයක් නිසාම ඔහුට අවසන් ගමන් යන්න වෙලා - යතුරුපැදියක් නිසා ජීවිතයෙන් සමුගත් තරුණයෙක් ගැන ඇහෙන කතාව

දැඩි ලෙස ආදරය කල දෙයක් නිසාම ඔහුට අවසන් ගමන් යන්න වෙලා - යතුරුපැදියක් නිසා ජීවිතයෙන් සමුගත් තරුණයෙක් ගැන ඇහෙන කතාව

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින්  සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා..

 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, දකුණු කුඩාවැල්ල පදිංචි මුතුමාලගේ ආදිත්‍ය නමැති නාකුලුගමුව මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.. මියයන විට ඔහු 18 හැවිරිදි වියේ පසුවුණා..



ඔහු තව මසකින් පමණ විදෙස් අධ්‍යාපනය ලැබීමට එක්සත් රාජධානිය බලා යාමට සූදානම්ව සිටි අයෙක් බවයි දැනගන්නට ලැබුණේ..


 

මාපියන් සහ සොහොයුරියන් දෙදෙනා අසල නිවසක උත්සවයකට ගොස් සිටියදී මෙම සිසුවා ඔහුට අයත් යතුරුපැදියේ නැගී කුඩාවැල්ලේ සිට මාවැල්ල දෙසට ගොස් ඇති අතර, යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව සිසුවා මාර්ගය මැද ඇදවැටී ඇති බවයි පොලීසිය පවසන්නේ..



කෙසේ වෙතත්, ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවීමෙන් මේ මරණය සිදුව තිබුණා..

views

159 Views

Comments

arrow-up