වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පැටලී අවසානයේ සිදුවූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පැටලී අවසානයේ සිදුවූදේ

වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පැටලී අවසානයේ සිදුවූදේ

රටේ වැඩි දෙනෙකුගේ භාෂාව සිංහලයි. එහෙත් ලිපි ලේඛන, ආරාධනා පත්‍ර දැන්වීම් පුවරු ආදිය වැඩි ප්‍රමාණයක් ලියැවෙන්නේ ඉංග්‍රීසි බසිනි. එනිසා ඇතැම් අය අසීරුවට පත්වන අවස්ථාද දැක ගත හැකිය. එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මංගල ආරාධනා පත්‍රයක් ලැබීම නිසා දෙපාර්ශ්වයක් අතර සිදුවන්නට ගිය හිත් අමනාපයක් අනු නවයෙන් බේරුණු පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 

 

නාගරික ප්‍රදේශයක ජීවත්වන මවුපිය දෙපළක් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා තම ඥාති හිතවතුන්ට ආරාධනා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ආරාධනා පත්‍ර තැපෑලෙන් යැවීමෙනි.

 

දකුණේ කඳුකර ගම් පියසක ජීවත් වන තම නැන්දණිය සහ මාමාද මේ වැදගත් අවස්ථාවට සහභාගි කරවා ගැනීමට මනාලියගේ මවුපියන්ට බලවත් අවශ්‍යතාවක් ඇති විය. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උත්සවයට සහභාගි කරවා ගත හැකි පිරිස සීමිත වූ බැවින් නැන්දණියගේ පවුලේ සෙසු අය මගහැර නැන්දණියට සහ මාමාට පමණක් ආරාධනා කිරීමට තීරණය කළ මනාලියගේ මවුපියන් ඔවුන් දෙදෙනාට ආරාධනා පත්‍රයක් යවන ලෙස දියණියට උපදෙස් දී ඇත. මංගල දිනය කෙමෙන් කෙමෙන් ළං විය. තැපෑලෙන් ආරාධනා පත්‍ර යැවූ සෑම දෙනාටම දුරකතනයෙන් අමතා ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ගැනීමද අවශ්‍ය විය.
 

ඒ අනුව මනාලියගේ මව තැන්දණියට ද දුරකථනයෙන් අමතා ආර්ගය තොරතුරු, දුක සැප විමසා නැන්දෙ එහෙනම් හරිනේ. දෙන්නම එනව නේ ?” යැයි ඇසීමට සිතුවා පමණි. දුරකථනය දෙදරවමින් නැන්දම්මා දෝස් මුරයක් එල්ල කළාය.
 

''අනේ අනේ කෙල්ලගෙ මගුලට මම හොඳ නෑ. මාම විතරයි හොඳ උඹලට නේ යනුවෙන් කියාගෙන යන්නට විය.

 

ඒ චෝදනාව ඇසීමෙන් ඇය බලවත් සේ නොසන්සුන් වූවාය.
"නෑ, නෑ, නැන්දෙ දෙන්නටම ආරාධනා කරල ඇත්තේ ලේලිය යටහත් පහත්ව කීවාය.
" දෙන්නටම නම් මගේ නමත් තියෙන්න එපායැ. තියෙන්නෙ සිරිසේන කියල මාමගේ නම විතරයි නේ නැන්දම්මා කේන්තියෙන් කීවාය.
කුමක් හෝ වැරැද්දක් සිදුව ඇතැයි සිතූ ඇය දුර

 

කථනය විසන්ධි නොකරම දියණිය කැඳවූවාය. ''ඇයි මොකෝ  ඔයා සියට විතරක් ආරාධනා කළේ.
ආත්තම්මගෙ නම නැතෙයි කියන්නෙ මේ”



"එහෙම තමා අම්මේ ඉංග්‍රීසියෙන් ලියන්නෙ. මම ලිව්වේ මිස්ටර් ඇන්ඩ් මිසිස් සිරිසේන කියල. දියණිය පැහැදිලි කළාය.
යළිත් නැන්දණිය ඇමතු ලේලිය කාරණාව පැහැදිලි කිරීමට උත්සාහ දැරුවය.
"අනේ, අපි දන්න ඉංගිරිසියක් නෑ බං, මාමත් දෙවෙනි කැලැසියට විතරක් ගිය මනුස්සය නේ, එයැයි තමයි කාඩ් එකත් මට පෙන්නල කිව්වෙ සිරිසේන කියල විතරයි ලියල තියෙන්නෙ, ඔහේගේ තම නෑ කියල”



සිදුව ඇති පටලැවිල්ල තේරුම් ගත් ලේලිය තැන්දම්මාට කරුණු පැහැදිලි කර දී දෙදෙනාම මංගල උත්සවයට සහභාගි වන බවට පොරොන්දු කර ගත්තාලු.

views

289 Views

Comments

arrow-up