ජනප්‍රිය නිළි මලයිකා අරෝරාගේ පියා සියදිවි හානිකරගෙන අවසන් ගමන් යයි

ජනප්‍රිය නිළි මලයිකා අරෝරාගේ පියා වන අනිල් අරෝරා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මූලික විමර්ශනයන්ට අනුව ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් වන බව සඳහන්.
ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ අනිල් අරෝරා අද (11) උදෑසන මුම්බායි හි බන්ද්‍රාවල පිහිටි ගොඩනැගිල්ලක හයවන මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බවයි.
එම අවස්ථාවේදී ම පොලිසිය පැමිණ ඔහුව රෝහලට රැගෙන ගිය නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
299 Views
Comments