“මට වයස අවුරුදු 32 යි. මම තාම විවාහයට සූදානම් නෑ...”‍ - සුෂාන්ත්ගේ පෙම්වතිය විවාහය ගැන කියූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

“මට වයස අවුරුදු 32 යි. මම තාම විවාහයට සූදානම් නෑ...”‍ - සුෂාන්ත්ගේ පෙම්වතිය විවාහය ගැන කියූදේ

“මට වයස අවුරුදු 32 යි. මම තාම විවාහයට සූදානම් නෑ...”‍ - සුෂාන්ත්ගේ පෙම්වතිය විවාහය ගැන කියූදේ

'රියා චක්‍රබෝර්ති' කියන නම වඩාත් ප්‍රකට වුණේ, ජනප්‍රිය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් එක්ක.

 

ඒ කතාවට ඔබත් එකඟ ඇති.

 

මොකද සියදිවි හානිකර ගැනීමක් ලෙස වාර්තා වුණු සුෂාන්ත්ගේ මරණය එක්ක මුලින්ම මාධ්‍ය අවදානය යොමු වෙන්නෙ රියාට.

 

ඔහුට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අනුබල දීම සහ මත් ද්‍රව්‍ය සැපයීම කියන චෝදනායි, රියාට එල්ල වුණේ. ඒ වගේම ඇය එවකට ඔහුගේ පෙම්වතියව සිටි බව කවුරුත් දන්නා කාරණාවක්.

 

කොහොම නමුත් එලෙස කතාබහට ලක්වුණු ඇය මෑතකදී විවාහය ගැන අදහස් පළකරලා තිබුණා.

 

ඒ, 'Humans Of Bombay' පොඩ්කාස්ට් වැඩසටහනේදී.

 

රියා කියන හැටියට විවාහය සඳහා 'සැලසුමක්' ඈ සතුයි.

 

''මුලින්ම කියන්න ඕනි, විවාහයට සුදුසු වයසක් නෑ.

මට වයස අවුරුදු 32 යි. විවාහයට මම තවම සූදානම් කියලා හිතන්නෙ නෑ...''

 

ඒ තමයි විවාහය ගැන රියාගේ අදහස. ඒ වගේම ඇය කියලා තිබුණා, විවාහයට වඩා ඇයට වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමට අවැසි බවත් ඒ නිසාම වයස අවුරුදු 40දි වුව, විවාහ වීම තමන්ට ගැටළුවක් නොවන බවත්.

 

"විවාහයට වඩා, මගේ වෘත්තීය ජීවිතය තුළ මට බොහෝ දේවල් කිරීමට වුවමනයි..."

 

රියාගේ පෞද්ගලික ජීවිතය වඩාත් බාහිර සමාජයට විවර වූවක් නෙවෙයි කිව්වොත් හරි.

 

ඒ අනුව දැනට පැතිරෙන කටකතාවලට අනුව නම්, ඇගේ පෙම්වතා වෙන්නෙ නිඛිල් කමත්.

views

523 Views

Comments

arrow-up